සංචාරක කර්මාන්තයේ සිදුවූ කැපී පෙනෙන වෙනසක්!

0
257

රෂිකා හෙන්නායක ජූලි 18, කොළඹ LNW :

2024 වසරේ ජූනි සහ ජූලි මාසවලට සාපේක්ෂව මෙම වසරේ එම කාල සීමාව තුළ මෙරටට සංචාරකයින් පැමිණීම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ජූනි සහ ජූලි මාස යනු සාමාන්‍යයෙන් මෙරටට සංචාරකයින් අවම වශයෙන් පැමිණෙන කාලයක් බව, සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේය.

එහෙත් ඉලක්කගත සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් මෙම වසරේදී අදාළ කාලසීමාවේ සංචාරක පැමිණීම් වර්ධනය කර ගැනීමට හැකි වූ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පෙන්වා දුන්නේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වසරේ මුල් මාස 06 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් රුපියල් බිලියන 1යි දශම 4ක පමණ මුදලක් උපයා ඇති බවයි.