බන්ධනාගාර ගැන ඇසෙන අලුත්ම කතාව!

Date:

රෂිකා හෙන්නායක ජූලි 19, කොළඹ LNW :

බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් ගණන පසුගිය 17 වනදා වන විට 33,095ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි පවසන අතර ඒ අනුව, බන්ධනාගාර තදබදය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, වැඩිම රැඳවියන් පිරිසක් රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේයි. එම ගණන 3,557ක් වේ. බන්ධනාගාර ආරංචි පැවසුවේ. එහෙත් එම බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි රැඳවියන් ගණන 750ක් බවයි. රැඳවියන් 625ක් රඳවා තැබිය හැකි කොළඹ මැගසින් බන්ධනාගරයේ මේ වන විට රඳවා සිටින රැඳවියන් ගණන 2,985කි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ද රැඳවියන් 2,426ක් රඳවා සිටින අතර, බන්ධනාගාර ආරංචි පැවසුවේ, එහෙත් එම බන්ධනාගාරයේ රැඳවිය හැකි රැඳවියන් ගණන 385ක් බවයි.

බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ , වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රැඳවිය හැකි කාන්තා රැඳවියන් ගණන 220ක් වුවද මේ වන විට කාන්තා රැඳවියන් 561ක් එහි රඳවා සිටින බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන...

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...