කොළඹ සැලැස්මේ 74 වන සංවත්සරය කොළඹදී!

Date:

රෂිකා හෙන්නායක ජූලි 19, කොළඹ LNW :

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සැලැස්මේ 74 වන සංවත්සරය කොළඹදී පැවැත්විණි.

පොලිසිය, හමුදා සහ බුද්ධි සේවා අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම, නව නීති හඳුන්වා දීම, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධාන අකර්මන්‍ය කිරීම සඳහා නවීන තාක්‍ෂණය උපයෝගී කර ගැනීම සහ බන්ධනාගාර පද්ධතිය තුළ දූෂණය තුරන් කිරීම සඳහා තීරණාත්මක පියවර ගැනීම සඳහා රජය පුළුල් පරාසයක ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බව මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන් අතර, මෙරට තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් පූර්ව මැදිහත්වීම්, දැනුවත් කිරීමේ ව්‍යාපාර සහ ප්‍රජා පාදක පුනරුත්ථාපනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට කොළඹ සැලැස්මේ මහලේකම් අතිගරු ආචාර්ය බෙන්ජමින් පී. රේස් මහතා, කොළඹ සැලැස්මේ කවුන්සිලයේ සභාපති, ජූලි චුන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICC බේරුම්කරණ දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි!

කොළඹ LNW:ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ(ICC Sri Lanka Arbitration and...

දිවයින පුරා පිහිටි පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක් වෙන් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : දිවයින පුරා පිහිටි...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 කොළම LNW : ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්...

අත්අඩංගුවට ගත් මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...