එස්එස්සී දෙවන පෙළ එක්දින සූරතාවය ජය ගනියි

Date:

නිශ්මං රණසිංහ ජූලි 19, කොළඹ LNW:

පළමු පෙළින් පහතට වැටී නැවත නැඟීමේ මං සොයන එස්එස්සී ක්‍රීඩා සමාජය එහි එක පියවරක් පෙරට තබමින් දෙවන පෙළ එක්දින සූරතාවය දිනා ගන්නට සමත් වුණා.කඩුලු 4 ක් ජයක් ලෙස සටහන් වූ එම ජයග්‍රහණය වෙනුවෙන් මොරටුව කණ්ඩායම එස්එස්සී කණ්ඩායමට විශාල බාධාවන් ඇති කරමින් තරගයක් ලබා දෙන්නට සමත් වුණා.


පළමුව පන්දුවට පහර දුන් මොරටුව කණ්ඩායම ලකුකු 231 ක් රැස් කරන්නට සමත් වුණා.එම ලකුණු ප්‍රමාණය කරා ගමන් කිරීමේදී ඔවුන්ට එරෙහිව විශාලතම බාධකය ඇති කළ ප්‍රභාත් ජයසූරිය ලකුණු 15 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.වරක් එස්එස්සී පන්දු යැවීම ඉදිරියේ ලකුණු 97 ට කඩුලු 7 ක් දැවී තිබුණ මොරටුව වෙනුවෙන් සටන්කාමී ප්‍රවේගකාරී ඉණිමක් දියත් කළ පූර්ණ ප්‍රභාත් පන්දු 80 දී රැස් කර ලකුණු 92 දහ ඔහුට සහය දෙමින් දුමුන් සෙව්මින් රැස් කරන ලද ලකුණු 35 ත් නිසා මොරටුවට සිය ලකුණු පූවරුව 231 ක් දක්වා ගෙන යන්නට අවස්ථාව හිමි වුණා.


පිළිතුරු ඉණිම ක්‍රියාත්මක කිරීමේදී ජාතික කණ්ඩායමේ නායකත්වය දරන චරිත් අසලංක,අවිශ්ක ප්‍රනාන්දු මෙන්ම දසුන් ශානක වැනි ක්‍රීඩකයින්ගෙන් යුත් එස්එස්සී කණ්ඩායමට ඉලක්කය පහසු වන්නට ඉඩ නොතැබූ මොරටුව ක්‍රීඩකයින් ඔවුන්ගේ කඩුලු 6 ක්ම ජයග්‍රහණය ලබන විට අහිමි කර තිබුණා.අවිශ්ක සහ අසලංක පිළිවෙළින් ලකුණු 38 ක සහ 37 ක් ලබා ගත්ත ද එස්එස්සී ජයග්‍රහණයට පාදක වන ඉණිම ක්‍රියාත්මක කළේ නිපුන් ධනංජය යි.ඔහු ලකුණු 73 ක් නොදැවී රැස් කරන්නට සමත් වුණා.ඒ නිසාම තරගයේ වීරයා වීමේ හැකියාව නිපුන් ධනංජය ට හිමි වුණ අතර පන්දු යැවීමේදි ලකුණු 42 ට කඩුලු 2 ක් දවා ගත් සහන් කෞශල්‍යය තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස ඇගයීමට ලක් වුණා.ලියෝ ක්‍රීඩා සමාජය නියෝජනය කළ හිරුන් සිගේරා තරගාවලියේ හොඳම පන්දු යවන්නා බවට පත් වුණා.තරගාවලියේ වීරයාගේ කුසලානය හිමි වුණේ එස්එස්සී ක්‍රීඩා සමාජයේ ක්‍රිශාන් සංජුලටයි.


තරගාවලිය දෙවන පෙළ ලෙස නාමික වුව ද,මෙහි ක්‍රීඩා කළ එස්එස්සී වැනි ජාතික මට්ටමේ නියෝජනය සහිත ක්‍රීඩකයින් සහිත ක්‍රීඩා සමාජ නිසා තරගාවලියේ සෑම ක්‍රීඩා සමාජයකම දස්කම්වල ඉහළ ඇගයීමේ ප්‍රතිශතය වැඩි වුණා.මෙහිදී එම ක්‍රීඩා සමාජ වෙනුවෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ට එරෙහිව පිත්තෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ සියලුම ක්‍රීඩකයන් පැහැදිළි කළේ තමන්ට අවස්ථාව දෙවන පෙළ හිමි වුව ද,ඔවුන් පළමු පෙළට ක්‍රීඩා කිරිමට හැකි මට්ටමෙන් සිටින බවයි.එසේම මේ කණ්ඩායමේ වැටිම අභිමුව එස්එස්සී ක්‍රීඩා සමාජය හැර නොයා එහි රැදී සිටින ක්‍රීඩකයින් ද එම කණ්ඩායම වෙනුවෙන් කරන කැපවීම ද සුළුවෙන් තැකිය නොහැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...

බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන...