ශ්‍රී ලංකාවේ සූර්යබල ව්‍යාපෘතියේ සාර්ථකත්වය බංග්ලාදේශයටත් ගෙන එන්න – බංග්ලාදේශ් බලශක්ති උපදේශකගෙන් ඇරයුම්!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සූර්යබල ක්ෂේත්‍රයේ,වහල මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහ සාර්ථකත්වයේ අත්දැකීම් බංගලාදේශයට ගෙන එමින් එහි වහල මත සූර්ය පැනල සවිකිරීමේ රජයේ ව්‍යාපෘතියේ ආයෝජකයන් හා කොටස්කරුවන් ලෙස එක්වීමට ලාංකික සමාගම්වලට ආරාධනා කරන බව බංගලිදේශ විදුලිබල ශක්ති හා ස්වභාවික සම්පත් අමාත්‍යංශයේ උපදේශක මුහම්මද් ෆව්සුල් කබීර් කාන් මහතා පවසා තිබේ.

ඒ සදහා සහය ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගෙන් ඔහු ඉල්ලීමක් කර ඇත.

ඒ,බංගලිදේශ විදුලිබල ශක්ති හා ස්වභාවික සම්පත් අමාත්‍යංශයේ උපදේශක මුහම්මද් ෆව්සුල් කබීර් කාන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර සිදු වූ හමුවේදීය.

මෙරටදී පැවති International Solar Alliance (ISA) හෙවත් සූර්ය බලශක්ති සන්ධානය නම්වූ අන්තර්ජාතික සංගමයේ විශේෂ සමුළුවේදී මෙම හමුව සිදුව තිබේ.

මෙරට බලශක්ති අමාත්‍යවරයාට බංගලාදේශ සංචාරයක් සදහා ආරාධනයක්ද කර තිබෙන බංගලාදේශ රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා සමාන්තර අත්දැකීම් සහිත රටවල් දෙකක් ලෙස ද්විපාර්ශික බලශක්ති සහයෝගිතාවයන් රටවල් දෙකටම අතිශයින්ම ප්‍රයෝජනයක් වනු ඇතැයිද විශ්වාසය පළකර ඇත.

”අප රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් සැළකිය යුතු කොටසක් සූර්යබල ශක්තියෙන් ලබාගැනීමට සැළසුම් කර එය සාර්ථකව ක්‍රියාත්මක වනවා. එම අත්දැකීම් අසල්වැසි මිතුරු රාජ්‍යයක් ලෙස බංගලාදේශය සමග බෙදාගැනීමට හැකීවීම තුළින් ලංකාවේ ආයෝජකයින්ට හා සමාගම් වලට බංගලාදේශයේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා උදා කරගන්න පුළුවන්. එය රටවල් අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත්වීමට හේතුවන වනවා” යනුවෙන් එහිදී අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...