දකුණු කොරියාවේ අධික වර්ෂාව හේතුවෙන් 3000කට අධික පිරිසකට සිය නිවෙස් වලට යාමට නොහැකිව අතරමං වේ

0
230

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, දින හතරක් පුරා දකුණු කොරියාවට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන සිවු දෙනෙකු මියගොස්, දෙදෙනෙකු අතුරුදන්ව 3000කට අධික පිරිසකට තම නිවාසවලින් බැහැරව සිටින බව වාර්තා වේ.

මේවන විට 7000ක පමණ පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර නායයෑම් සහ ගංවතුර අවදානම පිළිබඳව නිලධාරීන් දැඩි අවධානයෙන් සිටින ලෙස ඉල්ලා ඇති අතර රටේ බොහෝ ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

වර්ෂාව හේතුවෙන් ගොඩනැගිලි 641 , මාර්ග 388 ක් සහ ගොවිපල 59 ක් විනාශ වී ඇති බව අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර රාජ්‍ය පුවත්පතක් වන රොඩොං සින්මුන් වාර්තා කර තිබුනේ, සමහර දුරස්ථ ප්‍රදේශවල මිලිමීටර් 300 දක්වා ඉහළ වර්ශාපතනයක් ඇතිවිය හැකි බවයි.