*
Friday, April 26, 2024
spot_img

Latest Posts

හෙට ආණ්ඩුව ගත්තත් දවසින් දෙකෙන් කරන්න බැහැ. භාණ්ඩාගාරය ට්‍රිලියන ගණනින් සෘණ – හර්ෂ (VIDEO)

මේ වන විට රට පවතින තත්ත්වය අනුව හෙට ආණ්ඩුව ගත්තත් දවසින් දෙකෙන් මෙය ගොඩදැමිය නොහැකි බව ජනතාවද දැනගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ඒ, අද (19) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මහා භාණ්ඩාගාරය පවතින්නේ බිංදුව සීමාවත් ඉක්මවා යමින් බිලියන ට්‍රිලියන ගණනින් සෘණ තත්ත්වයේ බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.

ඒ අනුව හෙට නව ආණ්ඩුවක් පත්වුවද පටන් ගැනීමට ඇත්තේ අතිවිශාල අගාධයක සිට බවද හෙතෙම ප්‍රකාශ කළේය.

”හෙට ආණ්ඩුව ගත්තත් දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජනතාවට බොරු පොරොන්දු දෙන්න නරකයි. මේක තියෙන්නේ දුෂ්කර තැනක. මහ බැංකු අධිපතිවරයා කියල තිබුණනේ ස්ථාවරත්වයක් ආවේ නැත්නම් රට වහන්න වෙයි කියල. කොච්චරද කියනවා නම් භාණ්ඩාගාරය බිලියන ට්‍රිලියන ගණන් ට්‍රිලියන ගණන් සෘණ.මහ බැංකුවේ විදේශ වත්කම් බින්දුව නෙවෙයි ඇමරිකන් ඩොලර් බිලියන ගණන් සෘණ. මේ රටේ පුද්ගලයෝ දැනගන්න ඕනේ හෙට අලුත් ආණ්ඩුවක් ආවොත් පටන් ගන්න වෙන්නේ බින්දුවෙන් නෙවෙයි අතිවිශාල අගාධයකින්. ජනතාව නැවතත් යථාතත්ත්වයට පත්කරන්න සෑහෙන කාලයක් යාවි. හැබැයි කලින් කට්ටිය කිව්වා වගේ බොරු පොරොන්දු දීලා,ලොසින්ජර දීලා,මේ වැඩේ කරන්න බැහැ. යථාර්ථයට මුහුණ දීලා සත්‍යත් සමඟ ඉස්සරහට යන්න බලපොරොත්තු වෙනවා.”

අවම වශයෙන් මෙම ප්‍රශ්න විසඳා ගැනීමට පියවර තැබීම ස්නාදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික එකඟතාවට හෝ පැමිණීමට නොහැකි වී ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාගෙන තිබෙන විදේශ උපදේශකයින් සමඟ සාකච්ජා ආරම්භ කිරීමට හෝ තවමත් නොහැකි වී ඇති බවද හෙතෙම සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan