ඇමති ටිරාන්ගේ එක්සත් මහජන පක්ෂයෙන් චැලේන්ජ් එකක් !

රටේ උන්නතිය වෙනුවෙන් වහාම සංවාදයට ගත යුතු ඉතාම වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන ව්‍යාපාර නිහඬව සිටීම බරපතළ අපරාධයක් බව එක්සත් මහජන පක්ෂය (UPP) පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් මේ සම්බන්ධයෙන් පළකර ඇති සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

එක්සත් මහජන පක්ෂයේ මහලේකම්වරයා වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ය.


විවෘත දේශපාලන සංවාදයක් ගොඩනැගිය යුතු ඉතාම වැදගත් කරුණු රැසක් පිළිබඳව මේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන ව්‍යාපාර මුනිවත රැකීම බරපතළ ගණයේ අපරාධයකි.

නූතන ලෝකයට ගැලපෙන බරපතළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්

අලු යට ගිනි මෙන් විටින් විට ඇවිලෙන ජාතිවාදී සහ ආගම්වාදී ගිනි පුපුරු සම්බන්ධයෙන්

රටේ උන්නතිය වෙනුවෙන් රාජ්‍ය සේවයේ සිදුවිය යුතු බරපතළ ගණයේ ප්‍රතිසංස්කරණය න්

ඊට උදාහරණ කිහිපයක් පමණි.

රටේ උන්නතිය වෙනුවෙන් වහාම සංවාදයට ගත යුතු කරුණු සියල්ල දැන දැනම මගහැර හුදෙක් ආර්ථිකය,අල්ලස, දූෂණය,වැනි සාම්ප්‍රදායික දේශපාලන ඉසව්වල ක්‍රීඩා කිරීම දේශපාලන තක්කඩි කමක් ලෙස අපි දකින්නෙමු.

ඉහත අප සඳහන් කළ ක්ෂේත්‍රයන් කිහිපය ගෙන බැලුවහොත් ඒවා කෙරෙහි විවෘත සංවාදයක් ඔවුන් ගොඩ නො නගන හේතුව සියුම්ව නිරීක්ෂණය කළහොත් හඳුනාගත හැකිය.

ඒ අන් කිසිවක් නොව මෙවැනි කරුණු සම්බන්ධයෙන් ගොඩනඟන සංවාදයක දී සමාජයේ කවර හෝ කොටසක සිත් රිදීමට ඇති ඉඩකඩ තුළින් තම ඡන්ද පදනමට ඇතිවිය හැකි හානිය පිළිබඳව ඔවුන් තුළ පවතින තක්කඩි දේශපාලන තක්සේරුව නිසා ය.

තම වාසිය උදෙසා රටේ ඇත්ත උවමනාවන් සාකච්ඡාවට බඳුන් නොකිරීම, තම මතය විවෘතව ප්‍රකාශ නොකිරීම අල්ලස දූෂණය හොරකම තරම් හෝ ඊට වැඩි පන්නයේ අපරාධයකි. එමගින් අඳුරු වන්නේ තක්සේරු කළ නොහැකි තරම් දීර්ඝ අනාගතයකි.

එක්සත් මහජන පක්ෂය ලෙස අපි මෙවැනි සංවේදී ආර්ථික දේශපාලන සමාජ කරුණු සම්බන්ධයෙන් දේශපාලන වාසි අවාසි නොතකා සංවාදයක් ගොඩ නඟමින් සිටින්නෙමු. එය මේ මොහොතේ ජාතික වගකීමකි. මේ රටේ කිසියම් ජනහිතකාමී දේශපාලන ව්‍යාපාරයක් වේ නම් නොබියව දේශපාලන වාසි අවාසි නොතකා රට වෙනුවෙන් මෙවැනි සංවේදී කලාප පිළිබඳව තම අදහස විවෘතව කියන්නට යැයි අපි යෝජනා කරන්නෙමු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...