වරද පිළිගත් සක්විති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2006 වසරේ ජනවාරි මස 1 දා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 3 වනදා අතර කාලසීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට  නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි .

ඒ අනුව සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ එම වරද පිළිගත්තේය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කියවනු ලැබූ අතර අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට කියා සිට ඇත .

ඒ අනුව ,  අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වී ඇති අතර , පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...