බර හෙටටත් බරයි

Date:

ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය හමාර කළේ රන් පදක්කම් දෙකක්,රිදී පදක්කමි හතක් සහ ලෝකඩ පදක්කම් දහයක් දිනා ගනිමින්.චින්තන ගීතාල් විදානගේ නම් ශ්‍රී ලංකාවේ බර ඉසිලිම් ජයග්‍රහණවල හැරවුම් ලක්ෂයත්,ඉන් පන්නරය ලද වර්ථමානයට කදිම නිදසුනක් වන ඉන්දික දිසානායක නම් දෙටු ක්‍රීඩකයින්ගේ සිට මේ පදක්කම් පරාසය යොවුන් සහ කණිෂ්ඨ ඉම් කරා ද විහිදී තිබීම අනාගතය ගැන සුබවාදී හැඟීම් ඇති කරවන්නක්.


මෙහිදී දිනූ රන් පදක්කම් දෙකේ හිමිකාරයන් වූයේ මලීශ ඩිල්ශාන් කරුණාරත්න සහ චාලුක මනුශාන් දිසානායකයි.මේ අනාගතයට වඩාත් දුරක් විහිදුණු බලාපොරොත්තුයි.සමහර මෑත ඉතිහාසයේ සිදුවීම් ගත් විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගීත්වයේ බලාපොරොත්තු වූ අංශ නාය ගොස් කඩා වැටෙද්දී පදක්කම් පෙළ ගැස්මට ශ්‍රී ලංකාවේ නම ඇතුළත් කරේ බර ඉසිලීමේ ඉසව්වෙන්.නමුත් පොදු රාජ්‍ය මණ්ඩලීය තරග අවතාශය හෝ ඉක්මවා යන්නට නොහැකිව ලතවෙමින් තිබුණ ඒ ගමණට චින්තන විවෘත කර දුන් පාරේ වැඩිම පදක්කම් මල්ල එකතු කළේ මෙවරයි.හැබැවි පොදු රාජ්‍ය මණ්ඩලීය කඩඉම පැන,ආසියාතික සහ ඔලිම්පික් දක්වා යන්න අපට තියෙන පාරෙ තවමත් වැටවල් ගහලා තියෙන්නෙ.ඒව අල්ලලා හොල්ලලා එනවා ඇරෙන්න අපට තවමත් ඒ පදක්කම් අස්සට ඔළුව ඔබාගන්න බැරි වෙලා තියෙනවා.නමුත් ජාතික ඔලිම්පික් කමිටුවේ සහයෝගය ඇතිව මලීශ වැනි ක්‍රීඩකයෙක් අපට දීර්ඝ කාලීන පුහුණුවක් සහ අධ්‍යාපනයක් සමඟ විදේශයකට යොමු කළ හැකිනම් අනාගතයේ හොල්ලන වැටෙ අඩුම ගණනෙ පනින්න බලන්න පය තියන්නවත් උත්සාහ කරන්න පුළුවන්.


කොහොම හරි අපි දැනට සනාත කරගෙන යන්න පුළුවන් සීමාවේ අනාගතය පැහැදිළි කරන ජයග්‍රහණයක් වගේම මේ ජයග්‍රහණයේ සළකුණු ලංකාවේ වෙනදට දකින්න බැරි වුණ පැතිවලට විකාශනය වී තිබීමත් හොඳ නිමිත්තක්.තායිලන්තයේ පැවති මලල ක්‍රීඩා සූරතාවලියෙදි නව ශ්‍රී ලංකා වාර්තා හයක් සමඟ 13 දෙනෙක්ගේ 11 දෙනෙක්ම පදක්කම්ලාභින් වෙමින් සමස්ත පදක්කම් අටක් රන් පදක්කම් තුනක් සමඟ දිනා ගැනීමෙන් ශ්‍රී ලංකාව තැබූ ඓතිහාසික ජයග්‍රාහී පියවර නිසා මේ බර ඉසිලීමේ දීප්තිය තරමක් අඩු වුණත් මෙය ඇත්තටම රටේ ක්‍රීඩාව ගැන සිතා අවධානය යොමු කළ යුතු කාරණයක්.


විශේෂයෙන් බර ඉසිලීම මෑත ඉතිහාසයේ දශක දෙකක පමණ කාලයක සිට ජාත්‍යන්තර මට්ටමෙන් තබන ජයග්‍රාහී බර අඩි තැබූ සළකුණු ඉදිරියටත් ඒ මත අලුත් පරපුර විසින් තබනු ඇති බවට ඉඟි කළ මේ තරගාවලියේ සියලුම පදක්කම්ලාභීන් ගැන වගකිවයුතු අවධානය අදටත් හෙටටත් බලපාන පරිදි යොමු විය යුතුව ඇත.
ප්‍රෂාන ඡායාරූපයේ වමේ මලීශ සිටින අතර දකුණේ සිටින්නේ චාලුකයි.ඔවුන් මේ තරගාවලියේ රත්තරනින් සිය ජයග්‍රහණ සටහන් කළ තරගකරුවන් දෙදෙනායි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...