ලෝක උරුම ටාජ් මහල් අවට ගංවතුර

Date:

ආන්තික කාලගුණය හානි හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ ලෝක උරුම මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ඛාදනය වෙමින් පරිහානියට පත්වන බව වාර්තා වේ.

ඉන්දියාවට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා නගරය ආසන්නයේ ඉදිකර ඇති ටාජ් මහල් අවට ප්‍රදේශයද මේ වන විට ගංවතුර උවදුරට ලක්වෙමින් පවතින බව වාර්තා කෙරේ.

17 වැනි සියවසේදී මෝගල් අධිරාජ්‍යයෙකු විසින් දරු ප්‍රසූතියේදී මියගිය තම බිරිඳට ගෞරව කිරීම සඳහා මෙම අලංකාර මහල් සංකීර්ණය ඉදිකර ඇති අතර මෙය ලෝක උරුමක් බවටද නම්කර තිබේ. ටාජ් මහල් නඩත්තු කරන ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය (ASI), විසින් වත්මන් ගංවතුරෙන් ටාජ් මහල් වෙත තර්ජනයක් නොවන බව ප්‍රකාශ කර තිබේ.

හිමාලයේ සිට ප්‍රාන්ත කිහිපයක් හරහා දකුණට සැතපුම් 855ක් (කිලෝමීටර් 1376ක්) ගලා යන යමුනා නදිය පසුගිය බ්‍රහස්පතින්දා වන විට මීටර් 208.57ක් (අඩි 684ක් පමණ) දක්වා ඉහළ ගොස් ඇති අතර ආසන්න ප්‍රදේශවල ජනයාට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස රජය අනතුරු අඟවා තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC)විසින් ඉන්දියාව ආන්තික කාලගුණය හේතුවෙන් පීඩනයට පත්වන රටක් ලෙස හඳුනාගෙන ඇති අතර ආන්තික කාලගුණය හානි හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ ලෝක උරුම මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ඛාදනය වෙමින් පරිහානියට පත්වන බව වාර්තා වේ.

4 වන සියවස දක්වා දිවෙන චීනයේ සේද මාවත දිගේ ඇති පුරාණ බෞද්ධ ගුහා බිතුසිතුවම් සහ ප්‍රතිමා දේශගුණික විපර්යාස නිසා ඇති වූ අධික වර්ෂාපතනයෙන් සෘජු තර්ජනයන්ට ලක්ව ඇති අතර සමහර ලෙන්වල කලා කෘති දැනටමත් පිරිහීමේ සලකුණු පෙන්නුම් කෙරෙමින් ඇති බවද වාර්තා වේ.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...