*
Friday, November 29, 2024
spot_img

Latest Posts

දුප්පත්කම තුරන් කිරීමට සජබ රජයක් තුළින් නැවතත් ජනසවිය වැඩසටහනක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

මේ මොහොතේ රටෙන් හරි අඩක් දුුප්පත් වී ඇති නමුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් රටේ නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එදා ජනසවිය වැඩසටහන තුළින් ජනතාව පෝෂණය වු බවත් එය සදාකාලික සහනාධාරයක් නොව වසර 2කට පමණක් සීමා වු බවත් එය එම කාලය තුළ කාලසටහනකට අනුව දුප්පත්කම තුරන් කර ජනතාව සවිබල ගැන්වීමට කටයුතු කළ බවත් අදටත් අවශ්‍ය වී ඇත්තේ එවැනි ක්‍රමානුකූලව දුප්පත්කම තුරන් කරන වැඩසටහනක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේග රජයක් තුළ එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 330 වැනි අදියර යටතේ පොළොන්නරුව මැදිරිගිරිය පල්ලියගොඩැල්ල අන්නූර් මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ පුස්තකාලයට පොත් ලබා ගැනිමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

බංකොලොත්භාවය නිසා ජනතාව අමාරුවෙන් සිය ජීවිකාව කර ගෙන යන බවත් රට බංකොලොත් වීම නිසා රටේ බහුතරයක් දුප්පතුන් වී ඇති බවත් මේ දරුවන් දුප්පත්තුන් නොවීම උදෙසා දිය හැකි ඉහළම දායාදය වන්නේ ජාත්‍යන්තර තලයේ ගුණාත්මක අධ්‍යාපනයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා මෙරට අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව, ජාත්‍යන්තර තලයට ඔබින විෂය නිර්දේශ නිර්මාණනය කරන බවත් සුහුරු අධ්‍යාපනය මෙන්ම සුහුරු කෘෂිකාර්මික වැඩසටහන් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 62කට රුපියල් ලක්ෂ 1876ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කර තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 330ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3651ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan