1930 ගණන්වල විතර ඉඳන් 1950 වගේ දක්වා සෝවියට් රුසියාවේ රහස් ඔත්තු සේවය යටතේ තිබ්බ දරුණු වැඩ සහිත කඳවුරකට තමයි ඔය ගුලාග් (Gulag) කියල කියන්නේ. එතැනදී කළේ දේශපාලනික ලෙස එවකට සෝවියට ආණ්ඩුවේ මතයට එකඟ නොවෙන අය එක්කෝ දරුණු වැඩ කරලම මැරෙන්න ඇරපු එක. නැත්නම් ආයේ හිතන්න බැරිවෙන විදියට දරුණු වධ වේදනා එක්ක පෞරුෂය බිඳලාදමන එක.
මේක විසිවෙනි සියවසේ ජනප්‍රිය අඳුරු දේශපාලන ශෝධන ක්‍රමවේදයක් (correctional method). ඕනිනම් කියන්න පුළුවන් ‘දේශපාලන මොළ හේදීම’ කියලත්. ඒ නිසා ගුලාග් කියන්නේ දේශපාලන සිර කඳවුරක් (political rehabilitation camp).
විසිවෙනි සියවසේ දෙවැනි අඩ ගතවෙන්නේ මේ ගුලාග් පන්නයේ පෞරුෂ ප්‍රතිශෝදන ක්‍රමවේදයට එරෙහිව කරන දේශපාලනය වෙනුවෙන්. එහි ප්‍රථිපලය තමයි 1989 බර්ලින් තාප්පයේ බිඳවැටීම එක්ක සලකුණු උනේ. අපි අයිතිවෙන්නේ මේ බර්ලින් තාප්පය බිඳවැටීම දැක්ක පරම්පරාවට. සහ ඉන් පස්සේ ආපු දේශපාලන වෙනුවෙන් පෙනීසිටින පරම්පරාවට.
ජිජැක් වගේ කෙනෙක් දකින්නේ මේ ගුලාග් ක්‍රමවේදය වමේ දේශපාලනය ඇතුලේ වෙච්ච විශාල අත්වැරද්දක් හැටියට. හොඳ දෙයක් කරන්න ආපු දේශපාලනයක් විසින් කරපු විශාල වැරද්දක්/නපුරක් (evil) හැටියට.
ඒ නිසා අද තමන්ට වෙනස් දේශපාලනයක් කරන මිනිස්සු පුනරුත්ථාපනය කරන්න, ප්‍රතිසංස්කරණය කරන්න කඳවුරකට යවන්න ඕනි කියල මහා නුවරක, මහා වේදිකාවක කෙනෙක් කියනවා නම්, මහා ලිබරල් කියන දේශපාලන නායකයෙකුත් ඒ වේදිකාවේම ඉන්නවා නම්, සහ මහා ලොකු විශ්ව විද්‍යාල ප්‍රජාවක් ඒක අහගෙන නෑසු කන්ව ඉන්නවා නම්, සහ ජනප්‍රිය ක්‍රවුඩ් එක ඒකට අත්පොළසන් දෙනවා නම් මම හිතන්නේ අපි නැවත ගුලාග් යුගයකට යමින් පවතින්නේ.
නුවරදී කොහොමත් අපේ වැඩවසම් මනස පොඩ්ඩක් කිති කැවෙනවා කියන එක ඇත්ත.
මේ සියල්ල සිද්ද වෙන්නේ අන් කුමන හෝ දේශපාලන මතයක් දැක්කොත් සියලු ආකාරයේ ගැරහීම් කරනවාට අමතරව (humiliation). මේ සිද්දවෙන්නේ අපි අවොත් දේශපාලන විරුද්ධවාදීන්ට කරන්නේ මේක කියන දැන්ම බයකරන එක (fear). කටවල් වහන එක (silence). ඒකත් සාර්ථක ක්‍රමයක්.
බර්ලින් තාප්පයෙන් පස්සේ දියුණු වෙච්ච දේශපාලන කතිකාව ගැන සංවේදී නැතුව කරන කිසිම දේශපාලනයක් යහපතක් කරයි කියල හිතන්න බැහැ.
මේ නිසා නැවත අපිට කෙළවෙන්න නියමිත තුනේ ගුණාකාරයෙන්…
(පුනරුත්ථාපන කඳවුරට යන්න බයේ ලිව්වා නෙවෙයි).
~ මහේෂ් හපුගොඩ
RN