22 එහෙම ලෙහෙසියෙන් බැහැර කරන්න බැහැ.මැතිවරණ කොමිසමට ජනමත විචාරණයකට යන්න වෙන්නත් පුළුවන්!

Date:

කොළඹ LNW: මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත වී ජනමත විචාරණයකට යා යුතුවන බව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය වන හෙයින් එය කිසිවෙකුට හෝ උල්ලංඝනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.

ඒ, අද (20) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ව්‍යවස්ථාවට අනුව එම ක්‍රියාවලිය සිදුවිය යුතු වන අතර ව්‍යවස්ථා විශාරදයින් මීට වඩා මතයක් ඉදිරිපත් කරනවා විය හැකි බවයි වලේබොඩ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව තුළ මෙය තුනෙන් දෙකකින් සම්මත නොවුණහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට පවතින හෙයින් එසේ වුවහොත් මැතිවරණ දෙකක්ම එකට පැමිණිය හැකි බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මේ අතර මෙම 22 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයද හිමිවිය හැකි අතර ඔවුන්ග්ගේ හැසිරීම විශ්වාස කළ නොහැකි අතර නායකත්වය පවසන දේ එම මන්ත්‍රී කණ්ඩායම සිදුකරන බව වලේබොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...