සත්කාරක මාල දිවයිනට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පහසුවෙන් ජය ලබති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 20, (LNW) කොළඹ :

මධ්‍යම ආසියානු අවුරුදු 20 න් පහළ වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සත්කාරක මාල දිවයිනට එරෙහිව තරග වට 3-0 ක පහසු ජයක් අත් කර ගන්නට සමත් වුණා.කණ්ඩායමක් හැටියට එක්ව තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ මුල සිටම මාල දිවයිනට වඩා ඉදිරියෙන් සිටින්නට සමත් වුණා.


පළමු වටය ලකුණු 25 – 8 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවන වටයේදී ලකුණු 25 – 9 ක් ලෙස ජය ගැනීමට සමත් වූහ.තෙවන වටයේ දී ලකුණු 25 – 16 ක් ලෙස තරගය නිමා කළ ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ දී මෙතෙක් අපරාජිතව සිටින අනිත් කණ්ඩායම වන කිර්ගිස්තානය අද හමුවීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...