බංග්ලාදේශයේ විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික සිසුන් ගැන තොරතුරක් !

රෂිකා හෙන්නායක ජූලි 20, කොළඹ (LNW):

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික සිසුන් 50ක් පමණ සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බංග්ලාදේශ නගර රැසක් පුරා දින ගණනාවක සිට ක්‍රියාත්මක වන සිසු විරෝධතා හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල වසා දමා ඇති අතර ඇඳිරි නීතිය ද පනවා ඇති බවයි .

මෙවැනි තත්ත්වයක් තුළ බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල තුනක අධ්‍යයන කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකික සිසුන් සරසවි නේවාසිකාගාරවල සිටින බව සඳහන් වේ.

පවතින තත්ත්වය හමුවේ විදේශීය සරසවි සිසුන්ට විශ්වවිද්‍යාලවලින් ඉවත් වන ලෙස මෙතෙක් එරට බලධාරීන් විසින් දැනුම් දී නොමැති බැවින් ඔවුන් නේවාසිකාගාරවල සිටින බවට එරට පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දී තිබෙන අතර , ඔවුන් යළි ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමක් සිදු නොවන අතර, එරට සිටින ශ්‍රී ලාංකික සිසුන් ඩකා සහ චිතගොන් හි පිහිටි සරසවි නේවාසිකාගාරවල මේ වන විට සිටින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...