පාසැල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් …

Date:

ජුලි 25 වනදා සිට පාසැල් අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරුණ ද පාසැල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින තුනෙහි පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසැල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා යන දින දෙකෙකි නිවෙස් පාදක ඉගෙනුම් ක්‍රියාවලි සඳහා හෝ මාර්ගගත අධ්‍යාපනය සඳහා සිසුන් යොමුකළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම ඉහත කී පරිදි පාසැල් පැවැත්වෙන දින තුනේදී සියලුම විෂයයන් ඉගැන්වෙන පරිදි විශේෂ කාලසටහනක් ද සකස් කළයුතු බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලය නියමිත වේලාවට පාසැල් පැමිණීම අනිවාර්යය වුවත් සාධාරණ හේතූන් මත සිදුවන නොපැමිණීම් සහ ප්‍රමාදයන් සම්බන්ධයෙන් ඔවුන් අපහසුතාවට පත් නොවන පරිදි කටයුතු කළයුතු බවත් ඇතැම් සිසු සිසුවියන්ගේ පාසල් නිල ඇඳුම් සහ පාවහන්වල අඩුපාඩු හෝ ගැටළු හේතුවෙන් ඔවුන්ගේ පාසල් පැමිණීම අධෛර්යයමත් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...