බිත්තර මිලත් අද සිට ඉහළට !

අද (ජුලි 20) දිනයේ සිට සිට සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය කුකුළු ගොවිපොලවල අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් නොවන බව පැවසූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජය සහ අදාළ බලධාරීන් සෘජුව වගකිව යුතු බවත් අවධාරණය කළේය.

ඉරිඟු වෙනුවට සහල් ඇතුළු විවිධ ආදේශක භාවිත කිරීම හේතුවෙන් සතුන්ගේ සෞඛ්‍යයට හා ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ හේතුවෙන් බිත්තර නිෂ්පාදනය 20% – 30% අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවත් පැවසූ සරත් රත්නායක මහතා ඇතැම් කූඨ වෙළෙඳුන් සත්ත්ව ආහාරවලට විවිධ රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ මිශ්‍ර කිරීම හේතුවෙන් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවත් පැවසීය.

ඉහත තත්වයන් තුළ දෙනික බිත්තර නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී, ගොවීන්ටත් දැඩි ලෙස පාඩුවී ඇති බවත් පැවසූ ඒ මහතා රජයේ සහ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ බලධාරීන් මේ ගැන දැනුවත්ව සිටියත් කිසිදු පිළිතුරක් ලබාදෙන ආකාරයක් පෙනෙන්නට නැති බවත් සඳහන් කළේය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) කුලියාපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...