මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් පත් කෙරේ…

රෂිකා හෙන්නායක ජූලි 20, කොළඹ LNW :

එන්. ආර්. අනීස් මහතා මුදල් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කළේය.

එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ජේ. එම්. සී. ජේ. විජේතුංග සහ කේ. කරුණාහරන් යන මහත්වරුන් පත් කරනු ලැබ ඇත.

අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා විසින් අදාළ පත්වීම් ලිපි එම නිලධාරීන් වෙත ප්‍රදානය කරන ලදී.

මුදල් කොමිෂන් සභාවේ පෙර සාමාජිකයින්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම පත්වීම් සිදු කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...