දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ඉන්දියාවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනයකට අනුව ,දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ඉන්දියාව බලා පිටත්ව යාමට බලාපොරොත්තු වේ.

එහිදි ජනාධිපතිවරයා, ඉන්දීය රජය හා මෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් , ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනෙකුත් ප්‍රභූවරුන් හමුවී මෙරට පැවති ආර්ථික හා දේශපාලනික අර්බුදයන්හිදී ලබාදුන් සහාය සම්බන්ධයෙන් හා එවැනි සැපයුම් දීර්ඝ කාලීනව ඉදිරියට ගෙනයෑමේ නව සාකච්ඡා ආරම්භ කිරීමට අවධානය යොමුකරනු ඇති බව සඳහන් .

තවද, දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බව වාර්තා වන අතර ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදී මුර්මු ඇතුලු විශේෂ නියෝජිතයින් රැසක් හමුවීමට ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළ දී සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...