මිනුවන්ගොඩදී සැකකරුවකුට වෙඩි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (19) රාත්‍රී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති අතර මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොළිසිය පවසයි .

පොලීසිය සඳහන් කළේ, විශේෂ කාර්යය බළකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා ඇති බවත් , ඉන්පසු විශේෂ කාර්යය බළකා නිලධාරීන් ද වෙඩි තබා ඇති අතර ඉන් තුවාල ලැබු සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති  බව පැවසේ.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ .

තවද, මියගිය සැකකරු හෝමාගම ප්‍රදෙශයේ සිදූවූ මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරු බව ද හෙලිවී ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බළකාය සහ මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...