දේශපාලන බලපෑමක් නිසා ආබාධිත අයට රියදුරු බලපත්‍ර ලබා ගන්න බැරි වෙලා – විපක්ෂ නායක (VIDEO)

Date:

අපේ රටේ ලක්ෂ 17ක් ආබාධිත ප්‍රජාව සිටින බවත් ඔවුන්ට රියදුරු බලපත්‍ර ලබා දීමේ දී අනුගමනය කරන්නේ යල්පැනගිය වැඩසටහනක් බවත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව ක්‍රියාත්මක කරන වැඩසටහනක් තිබෙන බැවින් එම වැඩසටහන අධ්‍යයනය කර අපේ රටේ තිබෙන යල්පැනගිය ක්‍රමවේදයේ වෙනසක් සිදු කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති නමුත් එය මේ වන තෙක් ක්‍රියාත්මක නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවැනි නව ක්‍රමවේදයක් අනුගමනය කිරීම හොඳ දෙයක් වුවත් එය ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බැවින් මේ චක්‍රලේඛය සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට මැදිහත්වන ලෙස ප්‍රවාහන අමාත්‍යාවරයාගෙන් ඉල්ලා සිටියේය. එසේ ම මෙම චක්‍රලේඛය නිකුත් කළ පසුත් එය ක්‍රියාත්මක නොකරන ලෙසට පාර්ලිමේන්තවේම සිටින විවිධ පාර්ශ්ව බලපෑම් සිදු කර ඇති බවට වාර්තා වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම චක්‍රලේඛනය ක්‍රියාත්මක කරන බවට සහතිකයක් ලබා දෙන ලෙස යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...