*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

සීෂෙල්ස් වොලිබෝල්වලට ඉන්දියානු සාගර තරගාවලියේ දක්ෂතා සඳහා ශ්‍රී ලංකා සංචාරය වැදගත් වෙනවා – එල්සියා විඩෝට්

මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ සිෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් අතර තරගාවලියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි වෝලිබෝල් කණ්ඩායම් කිහිපයක් මෙන්ම ජාතික කණ්ඩායම් ද මේ තරගාවලියේදී සීෂෙල්ස් හී කාන්තා සහ පිරිමි ජාතික කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතව තිබෙනවා.මේ තරගාවලිය ගැන සීෂෙල්ස් වොලිබෝල් පරිපාලනයට සම්බන්ධ සහ එහි වෙරළ වොලිබෝල් සංගමයේ සභාපතිණය ද වන එල්සියා විඩෝට් අන්තර්ජාලය හරහා සම්බන්ධ කර ගැනීමට LNW සමත් වුණා.ඇය හා කෙරුණු කෙටි පිළිසඳර පහතින් දැක්වෙනවා.

අගෝස්තු මාසයේ අග භාගයේ මැඩගස්කරයේ පැවත්වෙන ඉන්දියානු සාගර දූපත් තරගාවලියට ශ්‍රී ලංකා සංචාරය අතිශයින් වැදගත් බවත්,ඒ හරහා සිය කණ්ඩායමේ තරාතිරම අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවත් සීසේල්ස් වොල්බෝල් සම්මේලනයේ සාමාජිකයෙක් මෙන්ම එරට වෙරළ වොලිබෝල් සංගමයේ සභාපතිණිය ද වන එල්සියා විඩෝට් පවසනවා.අගෝස්තු 23 වන දා සිට සැප්තැම්බර් 3 ද දක්වා මැඩගස්කරයේ පැවත්වෙන එම තරගාවලිය සම්බන්ධයෙන් වර්ධනය කර ගත යුතු ගුණාංග මෙන්ම අත්හළ යුතු දේ ද අවබෝධ කර ගැනීමට ජාත්‍යන්තර තරගාවලියක් හරහා ශ්‍රී ලංකාව ලබා දෙන්නේ විශාල අවස්ථාවක් බව ද එල්සියාගේ අදහසය.
ඔවුන් අප්‍රිකානු වොලිබෝල් තරගාවලියේ සූරියන් වූ ඉතිහාසයක් ද තිබි ඇතත් ජාත්‍යන්තර තරග අවස්ථා අඩු විම සහ තවත් කාරණා නිසා පසුබැස්මක් පෙන් වුව ද,ඉන්දියන් සාගර ක්‍රීඩා තරගාවලියේදී තවමත් යහපත් මට්ටමක සිටින බව එල්සියාගේ අදහසය.වසර 12 ක් පමණ එකම කණ්ඩායමක් යටතේ ක්‍රියාත්මක වු සීෂෙල්ස් වොලිබෝල් ක්‍රීඩාවට දැන් යම තරුණ මිශ්‍රණයක් ද සිඳු වී ඇති බව පෙන්වන ඔවුන්ට ඇති තරග අත්දැකීම් ප්‍රමාණය වැඩි කරමින් ඉදිරියට යා හැකි බව විශ්වාස කරන බව ද එල්සියා පවසනවා.


රටේ වොලිබෝල් ක්‍රීඩාවේ දියුණුවට බලපාන විශාලතම අඩුව ජාත්‍යන්තර තරග අඩු වීම බව පවසන එල්සියා ඒ තත්ත්වය ඉදිරියේදී නිරාකරණය කරගත යුතු ගැටළුවක් බව ද ශ්‍රී ලංකා සංචාරය තමන්ට අතිශයින් වැදගත් බව ද පෙන්වා දෙනවා..


රටවල් 7 ක් සහභාගි වන ඉන්දියන් සාගර ක්‍රීඩා උළෙල මෙවර 11 වන වරට පැවත්වෙන අතර එය පැවත් වූ අවස්ථා 10 දී ම සීෂෙල්ස් කණ්ඩායම ඊට සහභාගි වී තිබෙනවා.වසර 10 පුරාවට ඔවුන් දිනා ඇති පදක්කම් ප්‍රමාණය රන් 214 ක්,රිදී 201 සහ ලෝකඩ පදක්කම් 240 ක් වෙනවා.එල්සියා පෙන්වා දෙන්නේ අප්‍රිකානු මට්ටමේ දී යම් බිද වැටීමක් තිබුණත් ඉන්දියන් සාගර තරගාවලියේදී ඔවුන් යම් තාක් දුරට ඉදිරියෙන් සිටින බව මේ ඉතිහාස දස්කම් සැළකිල්ලට ගනිමින්ය.ඒ සමස්ත ක්‍රීඩාවන් වගේම ඔවුන් වොලිබෝල් ක්‍රීඩාවේදී ද ඉදිරිගාමී තත්ත්වයක් ඉන්දියන් සාගර තරගාවලියේ දී පෙන්වා තිබෙන නිසා ශ්‍රී ලංකාවේ සංචාරය බලාපොරොත්තු සහගත එකක් වන්නේ එය අගෝස්තු මාසයේ මැඩගස්කරයේදී පැවත්වෙන එම තරගාවලියේදී සිය රටේ වොලිබෝල් ඉරණම විසඳන සාධකයක් බවට මේ තරගාවලිය පත් කර ගැනීමට ඇති හැකියාව අනුවයි.


වෙරළ වොලිබෝල් මෙන්ම වොලිබෝල් ක්‍රීඩාවද සීෂෙල්ස්වල ක්‍රියාත්මක වෙනවා.නමුත් වෙරළ සීමාවන් හී ඇති වෙන් කර ගැනීමේ සහ පහසුකම් ලබා ගැනීමේ තත්ත්වය එතරම් සතුටුදායක නොවන බව එල්සියා පෙන්වා දෙනවා.රට ප්‍රමාණයෙන් කුඩා වීම ඊට හේතුවක් විය හැි අතර ඒ නිසා වඩාත් ජනප්‍රිය පාපන්දු වැනි ක්‍රීඩාවන් සමඟ ක්‍රීඩා කරන්නට ඇති ස්ථාන බෙදා ගෙන භාවිතා කරන්න වීම ඊට හේතුවක් හැටියට ද ඇය දකිනවා.නමුත් වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රගතියක් දකින්නට හැකි බවත්,එයද ඉදිරියේදී වැදගත් දෙයක් රට වෙනුවෙන් කරනු ඇති බවත් වෙරළ වොලිබෝල් සංගම් සභාපතිණ්‍යි පවසනවා.
16 වන සියවසේ සිටම ප්‍රංශයට සහ මහා බ්‍රිතාන්‍ය්‍යට ද යටත්ව සිට ඇති සිෂේල්ස් 18 වන සියවසේ සිට 1976 දක්වාම බ්‍රිතාන්‍යයට අයත් ඉංග්‍රිසි කොළනියක් ලෙස ප්‍රසිද්ධියට පත් වූ රටක්.මේ ඉතිහාස ගත තත්ත්වය බැදීමක් හැටියට එම සංස්කෘතීන්ට සම්බන්ධ වන අතර බොහෝ විට විවිධත්වය සහිත වීම දායාදයක් බව, රටේ ක්‍රීඩාවේ ප්‍රගතියටඑම තත්ත්වය හේතු වන්නේදැයි ඇසූ පැනයට ඇය ප්‍රතිචාර වශයෙන් පවසනවා.තවමත් ජානමය වශයෙන් මිශ්‍ර වීම නිසාම ඔවුන් ශක්තිමත් සහ හැඩකාර ශරීර සහිත අනන්‍යතාවයක් සහිතව ජීවත්වන බව පෙනෙන්නට තිබෙන අතර අදටත් සිය ඓතිහාසික බැදීම හරහා ප්‍රංශය වැනි රටවල් සීෂෙල්ස් ක්‍රිඩාවේ උන්නතිය වෙනුවෙන් මැදිහත්ව පුහුණුකරුවන් සපයමින් උපදේශකයන් යොමු කරමින් කටයුතු කරන බව එල්සියා පවසනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan