කැලෑ රැජිණන්ට ආසියානු රැජිණන්ගෙන් ප්‍රහාරයක්

Date:

ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව බොට්ස්වානා හී කරන තරග සංචාරයේදී පැවති දෙවන තරගය ජන්ගල් කිවීන්ස් නමින් පතල බොට්ස්වානා පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 70 – 36 ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.එහිදි ද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන වශයෙන් තරගයට යොමු කරන ලද කණ්ඩායමට තර්ජණි සිවලිංගිම් එකතු නොකරන්නට පුහුණුතාරිය තීරණය කර තිබුණා.


ඒ සම්බන්ධයෙන් සෘජු අදහසක් නොදැක් වුව ද ශ්‍රී ලංකා නෙට්බෝල් හරහා තිලකා ජිනදාස නිකුත් කළ වීඩියෝ පටයක දැක්වෙන්නේ ලෝක කුසලානය සඳහා හොඳම කණ්ඩායම තෝරා ගැනීමට මේ තරගාවලිය පාදක කර ගැනීම විනා ප්‍රධාන අරමුණ ජයග්‍රහණය නොවන බවයි.වෙනස් ආසියාවේදී නොලැබෙන අන්දමේ තරග අත්දැකීමක් වෙනත් පරිසරයක් සහ විනිසුරු කණ්ඩායමක් සමඟ විදින්නට ශ්‍රී ලංකාවට ලැබෙන මේ අවස්ථාව ක්‍රීඩිකාවන්ට අතිශයින් වැදගත් බව ද තිලකා පෙන්වා දුන් අතර මේ සටහන සමඟ එම වීඩියෝවද යොමු කර තිබෙනවා.


ජන්ගල් ක්වීන්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ ප්‍රථම කාර්තුවම ශ්‍රී ලංකාව සිය ආක්‍රමණයට ගන්නේ ලකුණු 16 – 9 ක් ලෙස ඉදිරියට පැමිණෙමින්.දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ලකුණු පූවරුවට තවත් ලකුණු 17 ක් එක්වන අතර ප්‍රතිවාදීන්ට ඒ සඳහා ලබා ගන්නට ඉඩ දෙන්නේ ලකුණු 12 ක් පමණයි.තෙවන කාර්තුවේදී තව දුරටත් ජන්ගල් ක්වීන්ස් වෙත එල්ල කරන පීඩනය දැඩි කරන ශ්‍රී ලංකාව ලකුණු 17 ක් රැස් කරන්නේ ඔවුන්ව ලකුණු 7 ට සීමා කරමින්.සිව්වන කාර්තුවේදී හ්‍රී ලංකාව යම් ආකාරයක පසුබෑමක් පෙන්වීම ස්වභාවය වුව ද ජන්ගල් ක්වීන්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී ඒ තත්ත්වය කළමණාකරණය කර ගනිමින් ලකුණු 20 ක් වාර්තා කරන්නේ ප්‍රතිවාදීන්ට ලකුණු 6 ක් සඳහා පමණක් අවස්ථාව ලබා දෙමින්.


ප්‍රබලත්වය ප්‍රවේගකාරී ක්‍රීඩා රටාවකින් මතු කරන අනන්‍යතායක් සිහත ක්‍රීඩිකාවන් වෙසෙන බොට්ස්වානා වැනි රටක ක්‍රීඩිකාවන් සතු දරා ගැනීමේ ගුණය සමඟ තරගය පුරාවට දක්ෂතා වර්ධනයක් පෙන්වීම සහ ඔවුන්ව තරගය ගෙවෙන්නට ගෙවෙන්නට පාලනයකට නතු කර ගැනීම මේ තරගායේදී හ්‍රී ලංකාව ලබා ගත විශාල ප්‍රගතයික් ලෙස හඳුන්වන්නට හැකියි.
ශ්‍රී ලංකා කණ්ඩායම බොට්සාවානා නෙට්බෝල් ලෝලීන්ගේ ආකර්ශණයට ලක්ව සිටින කණ්ඩායමක් බවට පත් වී ඇති අතර ඒ අතර විශේෂ අවධානයක් දිනා ගන්නට තර්ජීණි සිවලිංගම්ට හැති වී තිබෙනවා.මෙහි දැක්වෙන්නේ බොට්ස්වානා පොලිසි නිලධාරියෙකු විසින් අන්තර් ජාලයට Tall people world wide නමින් නිකුත් කර තිබුණු ඡායාරූපයක්.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...