ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ රුපියල් බිලියන 1.5ක ලාභාංශ මහා භාණ්ඩාගාරය වෙත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද (20) දිනයේ, සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව එම ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා සිටී.

මේ පිළිබඳ අදහස් දැක්වු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා,

“කෝටි 150ක මුදලක් අද දවසේ අපේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම බිලියන 1.5ක මුදල සිලින්ඩරයක අඩුකරලා අපි ජනතාවට ඒ අවශ්‍යතාවය අඩුකරන අතරම, ආයතනය ශක්තිමත් කරන අතර අපි සාධාරණ සුළු ලාභයක් ලැබුවා. පහුගිය මාස කිහිපය තුළ ලබපු ඒ සාධාරණ ලාභය අරපිරිමැස්මෙන් එකතු කරලා රජයට මුදල් අවශ්‍යම මොහොතේ අපි නියම අයිතිකාරයා විදියට සලකන්නේ රජයේ භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය වෙත ඒ මුදල් නිකුත් කරන්න අපි තීරණය කළා.”

තවද, ජනතාවට සහනයක් වන ආකාරයෙන් ගෑස් මිලෙහි උච්චාවචනය නොවී පවතින මිලම පවත්වාගෙන යාමට උත්සාහ කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .

“අපි සෑහෙන්න මිල අඩුකිරීම් කරලා තියෙනවා. ඉදිරියටත් අපි බලනවා මිල පරාසයන් තුළම මේ මිල ගණන් තියා ගන්න. අපි ඒ වෙනුවෙන් ගොඩක් ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. විශේෂ අවධානයකින් ඉන්නවා මම සහ මගේ කණ්ඩායම. විශේෂයෙන්ම මිල සුත්‍රයට අනුව ලැබෙන මිල ගණන් අනුව ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනය අනුව නිරන්තර අවධානයෙන් පසුවෙනවා. ඉදිරියට අපි බලමු මේ මිල පරාසය තුළම සිලින්ඩරවල මිල තියා ගන්න තමා අපේ උත්සාහය.”

ලෙස පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...