රුසියානු යුක්‍රේන ප්‍රහාර හමුවේ ධාන්‍ය ටොන් 60,000ක් විනාශයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රුසියාව ප්‍රකාශ කරන්නේ යුක්‍රේන වරායන් වෙත යන නැව් ,
ප්‍රහාර එල්ලකිරීම සඳහා වන මිලිටරි ඉලක්ක ලෙස සලකන බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සිදුවූමෙන් පසු ගෝලීය වෙළඳපොලේ තිරිඟු මිල ඉහළ ගොස් තිබෙන බවයි.

ප්‍රහාරවලින් ධාන්‍ය ටොන් 60,000ක් විනාශ වී ඇති අතර ධාන්‍ය අපනයන යටිතල පහසුකම්වලින් සැලකිය යුතු කොටස් වලට හානි සිදුව ඇති බවයි යුක්‍රේනයේ කෘෂිකර්ම අමාත්‍ය මයිකොලා සොල්ස්කි පැවසුවේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ , ධාන්‍ය අපනයනය කරන ගනුදෙනුවෙන් නිල වශයෙන් රුසියාව ඉවත්වීමෙන් පසු යුක්‍රේනයේ වරායට ප්‍රහාර එල්ල කර ඇති අතර මෙම ප්‍රහාර සම්බන්ධයෙන් රටවල් කිහිපයකම අවධානය යොමුව තිබෙන බවයි.

තම ඉල්ලීම් ඉටු වුවහොත් වහාම ධාන්‍ය ගිවිසුමට ආපසු පැමිණෙන බවයි , රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබෙන්නේ.

යළිත් භාණ්ඩ නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා මැදිහත් වන ලෙස Kyiv හි බලධාරීන් කලාපයේ අනෙකුත් රටවලින් ඉල්ලා සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...