*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

මෙරිල් ජේ. ප්‍රනාන්දු: ‘ඉටුකරගත නොහැකි සිහින’ සැබෑ කරගත් ඩිල්මා නිර්මාතෘවරයා’

ලෝක තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ට ශ්‍රී ලාංකික සන්නාමයක් ලෙස සැලකෙන ඩිල්මා තේ නිපදවන Dilmah Ceylon Tea Company PLC ආයතනයේ නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්තවී තිබේ.

1930 වසරේ මැයි මස හයවන දා උපත ලැබූ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වන විට 93 වන වියේ පසුවිය.

ඔහුගේ පුතණුවන් වන මලික් ජේ. ප්‍රනාන්දු ට්විටර් පණිවුඩයක් පළ කරමින්, “සිය ජීවිතවලට දැවැන්ත කුළුණක් මෙන් ශක්තියක් දුන් පියාගේ මෙහෙවර තවදුරට ත් ඉදිරියට ගෙන යාමට කැපවන,” බව පවසා සිටියේ ය.

ශ්‍රී ලංකා තේ රටවල් 100ක් වෙත අපනයනය කළ පළමු තේ ව්‍යවසායකයා ඔහු ලෙස පිළිගැනෙයි.

මෙරිල් ජේ. ප්‍රනාන්දු පැමිණි ගමන්මග
1930 වසරේ එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ලංකාවේ මීගමුව, පල්ලන්සේන ප්‍රදේශයේදී ඔහු මෙලොව එළිය දුටුවේ ය.

මීගමුව, මාරිස්ටෙලා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුකලෙක කොළඹ සාන්ත ජෝසෆ් විද්‍යාලයට ඇතුළු වී ද්විතියික අධ්‍යාපනය ලැබී ය.

එසමයේ දී ම ඔහු පවුලේ සාමාජිකයින් ද සමග මීගමුව අතහැර කොළඹ පදිංචියට පැමිණියේ ය.

මුල් කාලයේ වෘත්තියෙන් නීතිඥයෙකු වීමට අපේක්ෂාවෙන් සිටි ඔහුට පසුව තේ කර්මාන්තය කෙරෙහි ඇති වූ කැමැත්ත හේතුවෙන් තේ රස පරීක්ෂකයෙකු බවට පත්වීමට අවශ්‍ය විය.

ඒ අනුව, එම විෂය හැදෑරීමට යොමුවූ ඔහු බ්‍රිතාන්‍ය පාලනය යටතේ තේ රස පරීක්ෂණ පාඨමාලාවට බඳවාගනු ලැබූ ශ්‍රී ලංකාවේ පළමු පුහුණු කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

1950 වසරේදී ඔහු සිලෝන් තේ පරිපාලන උපදේශක ඕ.පී. රස්ට් යටතේ තේ රස පරීක්ෂකයෙකු ලෙස අධ්‍යාපනය ලැබී ය.

එම පාඨමාලාව නිමකළ ඔහු 1954 වසරේදී AF Jones & Co සමාගමේ ආතර් ෆෙඩ්රික් ජෝන්ස් සහ ඔහුගේ පුතුන් වන ඩෙනිස් සහ ඇලන් ජෝන්ස් සමග තේ සහයකයෙකු ලෙස සේවය ආරම්භ කළේ ය.

එම වසරේ ඔක්තෝබර් මාසයේ දී ලන්ඩනයට ගිය ප්‍රනාන්දු මාස 12ක් එහි ජෝසප් ට්‍රැවර්ස් ඇන්ඩ් සන්ස් ලිමිටඩ්හි සේවය කළේ ය.

1958 වසර ඔහුගේ වෘත්තීය ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් වූ අතර, A. F. Jones & Co සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත් කෙරිණි.

1962 වසරේදී ඔහු A. F. Jones & Co. සමාගමෙන් ඉවත්විය.

1982 වසරේදී ඔහු සිලෝන් ටී සර්විසස් සමාගම සහ මෙරිල් ජේ. ප්‍රනාන්දු සමාගම ආරම්භ කළේ ය. එමගින් ඔහු රුසියාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ලිබියාව, ඊජිප්තුව සහ සෞදි අරාබිය වෙත මහා පරිමාණයෙන් තේ අපනයනය කළේ ය.

ඩිල්මා සන්නාමයේ ආරම්භය

1985 වසර ඔහුගේ වෘත්තීය ජීවිතයේ මෙන් ම පෞද්ගලික ජීවිතයේ ද හැරවුම් ලක්ෂයක් විය. ඒ, ඩිල්මා සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ පළමු වරට අගය එකතු කරන ලද තේ නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට ඉදිරිපත් කරමිනි.

පසුව, සෝවියට් සංගමය, නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවකට ඩිල්මා තේ අපනයනය කිරීමට අවස්ථාව උදා විය.

2001 වසරේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රහකත්වය දැරුවේ ද ඩිල්මා සමාගම යි.

ඩිල්මා සන්නාමය සහිත ව්‍යාපාරය ඔහු ගොඩ නැගුවේ, ‘මානව සේවාවක් සැපයීමේ කාර්යයක්’ යන පදනමේ සිට ය.

තේ වගාකර නිෂ්පාදනය කරන්නෙකුට අයත් පළමු සන්නාමය ‘ඩිල්මා’ විය.

2019 වසරේදී ඩිල්මා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වූ ඔහු, එම තනතුරට ඔහුගේ පුත් ඩිල්හාන් ප්‍රනාන්දු පත් කළේ ය.

‘තේ වෙනුවෙන් ජීවිතය කැප කළ’ මෙරිල්


‘තේ වෙනුවෙන් සිය ජීවිතය කැප කළ’ ඩිල්මා නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු, ඩිල්මා සමාගමේ වෙබ් අඩවියෙහි පළකර ඇති පණිවුඩයේ මෙසේ දැක්වේ.

මම මගෙ ජීවිතය කැප කළේ තේ වෙනුවෙන්’

“මගේ ඩිල්මා කතාව ඇරඹුණේ 1985 දී. ඒ කාලේ මම ලොකු හීන තිබුණු කුඩා තේ වවන්නෙක්, මට ඕන වුණා මගේ රටේ තේ – ලෝකේ හොඳ ම තේ – නැවුම්ව නෙළාගෙන, සදාචාරාත්මක ලෙස නිෂ්පාදනය කරලා, ලොව වටා තේ ලෝලීන් වෙත සෘජුව ම ගෙනියන්න. මට දැවැන්ත බහුජාතික සන්නාම එක්ක තරග කරන්න සිද්ධවුණා; මගෙ හීනෙ හැබෑ නොවෙන එකක් කියලා ගොඩදෙනෙක් කිව්වා. නමුත් ලෝකෙ වටේ ම ඉන්න තේ පානය කරන්නන් මගේ හීනෙ හැබෑවක් කළා.”

ඔහු ජීවත් වූ වසර 93ක කාලයෙන් වසර 73ක් ම තේ කර්මාන්තය වෙනුවෙන් සේවය කළේ ය.

ලැබූ සම්මාන

ඔහුගේ කීර්තිමත් ව්‍යවසායක ක්‍රියාදාමය තුළ ඔහු සම්මාන රැසකට පාත්‍ර විය.

2015 වසරේදී Oslo Business for Peace Honouree සම්මානයෙන් පිදුම් ලැබූ අතර, වරප්‍රසාද රහිත දරුවන්ගේ ජීවිත නගා සිටුවීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් 2016 වසරේදී ‘Responsible Capitalism’ සම්මානයට ද පාත්‍ර විය.

එම වසරේදී ම ඔහු Sri Lankan of the year ලෙස ද නම් කෙරිණි.

ඔහු රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් කළ සේවය සැලකිල්ලට ගනිමින් 2019 වසරේදී දේශමාන්‍ය ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය.

( BBC සිංහල )

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan