සහල් මිල අඩුවෙයි ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කර්මාන්ත අංශයේ විදුලි බිල් 25% කින් අඩුකිරීමට සාපේක්ෂව සහල් මිලත් අඩුකිරීමට බලාපොරොත්තු වන බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව රුපියල් 210ක් වන නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200 ට අඩු මට්ටමකට ගෙන ඒමට උත්සාහ කරන බවයි එම සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ මහතා සඳහන් කළේ.

විදුලි බිල් අඩුකිරීම නිසා සහල් නිෂ්පාදන පිරිවැය අඩුවුණු බව පැවසූ ඒ මහතා එම වාසිය අනිවාර්යයෙන්ම ජනතාවට ලැබිය යුතු බවත් ප්‍රකාශ කළේය.

එහෙයින් ඉදිරි සතිය තුළ සහල් මිල අඩුකිරීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...