ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ (LNW):

අද (21) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණු බව පැවසේ.