ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත ජෙට් යානයක් කඩා වැටේ!

රෂිකා හෙන්නායක ජූලි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු F – 7 ජෙට් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී තිබෙන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව පිපිරීමක් ද සිදුව ඇති අතර බවයි.

ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේදී පාසල් පරිශ්‍රයකට කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ළමුන් 16ක් ඇතුළුව පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අනතුරින් තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තුවාල ලැබූවන් සිවිල් වැසියන්ද නැතහොත් හමුදා නිලධාරීන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට හදිසි සේවා මේ වන විට ගින්න මැඩපැවැත්වීමට සහ තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමටද පියවර ගනිමින් සිටින බවයි.

ගිනි නිවන භටයින් සහ හමුදාවේ ගලවා ගැනීමේ භටයින් එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි. මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...