ජනතා මතය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංවේදී නැහැ – ඕමල්පේ සෝභිත හිමි

Date:

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී පාර්ලිමේන්තුවේදී ගන්නා ලද තීරණය හරහා රටේ මහජනතාවගේ මතය නියෝජනය නොවුණු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසති.

මහජනතාවගේ මතය සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කර නොමැති බවයි සෝභිත ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ.

”හැකි ඉක්මණින් මහ මැතිවරණයකට මඟ සැලැස්වීම තමයි සිදුකළ යුත්තේ. මහ මැතිවරණයකින් තමයි ජනතාවගේ මතය පැහැදිලි ලෙස ඉදිරිපත්වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාණෙනි ඔබතුමා සම්බන්ධයෙන් අප තුළ කිසිදු ප්‍රසාදයක් නැහැ. බැඳුම්කර වංචාව හරහා මහ බැංකුව කොල්ලකාපු හොරෙක් රටේ සම්පත් ඉන්දියාවට විකුණන්නේ ඔබයි. ඔබ මේ රට විනාශ කිරීමේ අගාධයට ඇද දැමීමේ ප්‍රධානම වගකිවයුත්තා ඔබයි. දිනේෂ් ගුණවර්ධන මහත්මයාගෙන් අහනවා ඔබ විසින්ම රට විනාශ කළ හොර වශයෙන් නම්කරනු ලැබූ පුද්ගලයා රටේ ජනාධිපති පදවියට යෝජනා කරනු ලබන්නේ කෙසේද?මැරී ඉපදුන මිනිසුන් නෙවෙයි අපි තාමත් ජීවතුන් අතර ඉන්නවා. යහපත් සිහියෙන් ජීවත්වෙන අය.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...