ජනතා මතය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංවේදී නැහැ – ඕමල්පේ සෝභිත හිමි

Date:

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී පාර්ලිමේන්තුවේදී ගන්නා ලද තීරණය හරහා රටේ මහජනතාවගේ මතය නියෝජනය නොවුණු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසති.

මහජනතාවගේ මතය සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කර නොමැති බවයි සෝභිත ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ.

”හැකි ඉක්මණින් මහ මැතිවරණයකට මඟ සැලැස්වීම තමයි සිදුකළ යුත්තේ. මහ මැතිවරණයකින් තමයි ජනතාවගේ මතය පැහැදිලි ලෙස ඉදිරිපත්වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාණෙනි ඔබතුමා සම්බන්ධයෙන් අප තුළ කිසිදු ප්‍රසාදයක් නැහැ. බැඳුම්කර වංචාව හරහා මහ බැංකුව කොල්ලකාපු හොරෙක් රටේ සම්පත් ඉන්දියාවට විකුණන්නේ ඔබයි. ඔබ මේ රට විනාශ කිරීමේ අගාධයට ඇද දැමීමේ ප්‍රධානම වගකිවයුත්තා ඔබයි. දිනේෂ් ගුණවර්ධන මහත්මයාගෙන් අහනවා ඔබ විසින්ම රට විනාශ කළ හොර වශයෙන් නම්කරනු ලැබූ පුද්ගලයා රටේ ජනාධිපති පදවියට යෝජනා කරනු ලබන්නේ කෙසේද?මැරී ඉපදුන මිනිසුන් නෙවෙයි අපි තාමත් ජීවතුන් අතර ඉන්නවා. යහපත් සිහියෙන් ජීවත්වෙන අය.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...

වෙල්ලාලගේ පියා ජීවිතයෙන් පරාජය වෙද්දී ශ්‍රී ලංකාව අපරාජිතව පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති...