අනුර ඔයාට බැරිනම් ගෝඨාභයගෙන් උපදෙස් ගන්න – පොහොට්ටු ලේකම්

කොළඹ LNW:ඩෙංගු මර්දනයේදී ආණ්ඩුව අසමත් වී සිටින අතර ඉතිහාසය තුළ ඩෙංගු මර්දනය කළ, කොවිඩ් වලින් මිනිසුන් මරණයට පත්වීම වළක්වන ලද නායකයින් සිටි රටක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක ඔබට මෙය කිරීමට නොහැකි නම් කරුණාකර ගෝඨාභය රාජපක්ෂගෙන් උපදෙස් ගන්නා ලෙස හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

”ඩෙංගු රෝගයෙන් මිය යන හැම කෙනෙක්ගේම ජීවිතවල වගකීම ආණ්ඩුව ගන්න ඕනේ. ආණ්ඩුවට බැරිනම් අපි කියනවා, අනුර කුමාර දිසානායක ඔබට බැරි නම් මේක කරන්න අඩුම තරමේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් උපදෙස් ගන්න. ඔබලාගේ තියෙන මාන්නය,ආඩම්බරය පැත්තකින් තියල ඔබතුමන්ලාගේ උද්දච්චකම පැත්තකින් තියල මේවා කරන්න පුළුවන් මිනිස්සු මේ රටේ හිටියා. මේ රටේ ඩෙංගු මර්දනය කරපු,කොවිඩ් වලින් මිනිසු මැරෙන එක නවත්වපු නායකයෝ හිටපු රටක්. කරුණාකරලා මේ රටේ අහිංසක මිනිස්සු දරු දැරියෝ මේ වගේ මැරෙන්න ඉඩ ඇරලා තමන්ගේ දේශපාලන දේශපාලන නයය පත්‍රය දිහා බලාගෙන කටයුතු කරන්න එපා.” යනුවෙන් ඔහු කියා සිටියි.

මහ ලේකම්වරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...