එක්සත් ජනපද හැකර්වරයෙකු වූ Kevin Mitnick ජීවිතක්ෂයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාස 14ක කාලයක් අග්න්‍යාශයේ පිළිකා රෝගී තත්ත්වයකට මුහුණ දුන් , සුප්‍රසිද්ධ එක්සත් ජනපද හැකර්වරයෙකු වූ Kevin Mitnick ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්වා.

මිය යනවිට වයස අවුරුදු 59 වැනි වියේ පසු වූ බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

1995 වසරේදී Kevin Mitnick අත්අඩංගුවට පත්ව ඇති අතර වසර දෙකක පරිගණක වංචාවක් සම්බන්ධයෙන්  වසර පහක් සිරගත වී සිටි බවයි පැවසෙන්නේ.

නමුත් 2000 වසරේදී නිදහස් වීමෙන් පසු ඔහු තමාවම ප්‍රතිනිර්මාණය කරගනිමින් සුප්‍රසිද්ධ හැකර්වරයෙකු, සයිබර් ආරක්ෂණ උපදේශකයෙකු සහ කතුවරයෙකු බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ..

ඔහු රජයේ වෙබ් අඩවි සහ ආයතනික වෙබ් අඩවි ජාල තුළට කඩා වැදී ආයතනික දත්ත සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරකම් කරමින් සිට ඇති බවත් , ක්‍රෙඩිට් කාඩ් අංක සහ දත්ත ගොනු දහස් ගණනක් සොරකම් කිරීමට අමතරව රටේ රජයේ සහ විශ්ව විද්‍යාල පරිගණක පද්ධති විනාශ කිරීමට සම්බන්ධ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2003 වසරේදී, ඔහු Mitnick Security Consulting සමාගම ආරම්භ කළ අතර, එමගින් සමාගම් 500කට සහ රාජ්‍ය ආයතනවලට සයිබර් ආරක්ෂණය පිළිබඳ උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW):  වියට්නාම් යුද්ධයේදී අධික...

බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...