*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ලිට්රෝ ගෑස් සමාගමෙන් දේශයට විශාල දායකත්වයක්!

බිලියන14කට ආසන්න අගයකින් පාඩු ලබා සිටි ලිට්රෝ ගෑස් සමාගම වර්තමානය වන විට ලැබුණු සාර්ථක නායකත්වය හමුවේ  තමන්ගේ පාරිභෝගිකයන්ට දිගින් දිගටම සහන ලබා දෙමින් ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල
දායකත්වයක් ලබා දෙමින් ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් වී අවසානයි.

පසුගිය මාසයේ දී  ශ්‍රී ලංකාව පුරාම වැඩිම පාරිභෝගික  පිරිසක් භාවිතා කරන කි්ලෝග්‍රෑම්12.5ගෑස් සිලින්ඩරය රුපියල් පන්දහසේ සීමාවේ සිට දෙදහසේ සීමාව දක්වා ගෙන එන්නට ලිට්රෝ ගෑස් සමාගම පසුගිය මාසය තුලදී කටයුතු කලා. ඒ රටේ උද්ධමනය අවම කරමින්, රටේ ජනතාවගේ  වියදම් අවම කරමින් ඔවුන්ට සුවපහසු ජීවිතයක් ලබා දීමට රජ්‍ය දරණ වෑයමට විශාල ශක්තියක් ලබා දෙමිනුයි.

ගෑස් හිඟයකින් තොරව  ලබා දෙමින්, ගෑස් මිල අඩු කරමින් ජනතාවට ලබා දුන්සහනයට අමතරව විශේෂ මාධ්‍ය  සාකච්ඡාවක්  පවත්වමින් ලිට්රෝ සමාගමේ  සාර්ථකත්වයේ  නියමුවා, මුදිත පීරිස් මහතා ලිට්රෝ සමාගමෙන්  අපේ රටට ලබාදෙන තවත් සහනයක් හෙලිදරව්වක් සිදු කලා.

ඔහු එහිදී සඳහන් කල ආකාරයට ලිට්රෝ ගෑස් සමාගම විසින් රුපියල් බිලියන1.5ක මුදලක් එනම් රු.මිලියන1500ක් ලිට්රෝ මව් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මහා බාණ්ඩාගාරය වෙත ලබා දීමට තීරණය කර
තිබෙනවා. ජනතාවට සැලකිය යුතු සහනයක් ලබා දෙමින් ගෑස් මිල හැකි තරම් අවම මටටමක පවත්වාගෙන යමින්
ලිට්රෝ සමාගම පසුගිය කාලයේදී  ලැබූ ලාබයෙන් කොටසක් මේ ආකාරයට ශ්‍රී ලංකා මහා බාණ්ඩාගාරයට අතයාවශයම මොහොතේ  පරිත්‍යාග කිරීමට මුදිත පීරිස් මහතා ඇතුළු ලිට්රෝ සමාගමේ  වගකිව යුතු පාර්ශවයන්
කටයුතු කලේ ජීවන බරින් හෙම්බත් වී සිටින ජනතාවට තව දුරටත් සහනයක් වීමේ  බලාපොරොත්තුව සහිතවයි.

මුදිත පීරිස් මහතා විසින් ඊයේ පැවැත්වූ මාධ්‍ය  සාකච්ඡාව අතරතුර  නැගුණු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කලේ මෙම සහන ලබාදෙන  අතරතුර තමන්ගේ  ආයතනය තව දුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම
සඳහාත් තමන් ඇතුළු කාර්‍ය මණ්ඩලය විවිධාකාර ක්‍රමවේද  සහ උපායමාර්ග අනුගමනය කරන බවයි.

පාඩු ලබමින්, ණය බරක් සහිතව තිබූ ලිට්රෝ සමාගම වර්තමානය වන විට ලාභ ලබන, ණය බරින් නිදහස් වූ සමාගමක් නිසා එම තත්ත්වය දීර්ඝකාලීනව පවත්වාගෙන යාම මුදිත පීරිස් මහතා ඇතුළු ලිට්රෝසමාගමේ ඒකායන අරමුණ බවට පත්වී තිබෙනවා.

එසේම මුදිත පීරිස් මහතා මාධයය හමුවේදී සඳහන් කලේ අධික මිල නිසා ගෑස් භාවිතයෙන්  ඈත් වී සිටි පාරිභෝගිකයන් ලක්ෂ 7-8කට අධික පිරිසක් මෙම මිල ලිහිල් කිරීම නිසා නැවතත් තමන්ගේ  එදිනදා දෛනික
කටයුතු ලිට්රෝ ගෑස් භාවිතා කරමින් පහසුවෙන් සිදු කරගන්නා බවයි.

මිනිසුන්ගේ  එදිනදා ජිවිතය පහසු කරන ලිට්රෝ ගෑස් සමාගම, තමන්ගේ  මිල ප්‍රතිපත්තිය යටතේ  කටයුතු කරමින් පහසු මිලට ගෑස් ලබා දෙනන අතර  ජනතාවට ලබා දුන් මෙම සහනය ශ්‍රී ලංකාවේ ක්‍රම ක්‍රමයෙන් පණ ගසමින් නැගී එන ආර්ථිකයට  ලබා දෙන සිහිල් දිය දෝතක් බව අමුතුවෙන්  පැවසිය යුතු නැහැ. ඒ වෙනුවෙන්  ශ්‍රී ලංකාවාසී සියලුම පාරිභෝගිකයන්ගේ කෘතඥතාවය ලිට්රෝ ගෑස් සමාගම්  සභාපතිවරයා සහ එම කාර්ය මණ්ඩලයට නිතැතින්ම  හිමි විය යුතු වෙනවා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan