ජෝ බයිඩන් ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවතට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 22 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ජෝ බයිඩන් 2024 ජනාධිපති මැතිවරණයෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ.

ජූනි මාසයේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවඅසාර්ථක විවාද කාර්ය සාධනයකින් පසු නැන්සි පෙලොසි ඇතුළු සෙසු ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ප්‍රසිද්ධියේම ඉල්ලා අස්වන ලෙස ජෝ බයිදන්ගෙන් ඉල්ලා සිටි අතර සති කිහිපයක පීඩනයෙන් පසු බිඩෙන් ඊයේ(21) දිනයේදී තමා මැතිවරණ අපේක්ෂකත්වයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව නව ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් උප ජනාධිපති කමලා හැරිස් මැතිවරණ තරඟයට ඉදිරිපත් වනු ඇත.

කමලා හැරිස් වෙත ජනාධිපති ජෝ බයිදන්ගේද අනුමැතිය ඇති අතර මෙහිදී ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, වසර හතරකට පෙර ඇයව උපසභාපති කිරීමට ගත් තීරණය ඔහු විසින් ගත් හොඳම දේ ලෙස හඳුන්වමින් ඔහු ඇයට සිය සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඇය කියා සිටියේ ඔහුගේ අනුමැතිය ලැබීම ගෞරවයක් බවත්, නාමයෝජනා දිනා ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කරන බවත්ය.

ඒ අනුව, එළඹෙන මස චිකාගෝ හි පැවැත්වෙන ඩිමොක්‍රටික් ජාතික සමුළුවේදී නව අපේක්ෂකයා වශයෙන් කමලා හැරිස් තෝරා ගනු ලබන අතර, නියෝජිතයින් ලෙස හඳුන්වන පක්ෂ නිලධාරීන් සහ ක්‍රියාකාරීන් 4,000කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට රැස් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකමය වශයෙන් ලොව ධනවත්ම රටවල් දහයෙන් හතක්ම යුරෝපයෙන්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): ආර්ථික බලය යනු බොහෝ...

ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!

කොළඹ LNW: ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව...

හෝමාගමින් මතු වූ හෙරෝයින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කැළණිය කොට්ඨාස අපරාධ...

මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේම අවධානය...