තුන් දෙනාම කපන එක තමයි කරන්නේ. හරිම කෙනා තෝරාගන්න – ධම්මික මහනුවරදී කියයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රට ගොඩනැඟීමට නම් ඉදිරි මැතිවරණයේදී ජනතාව ඉතාම සිහිබුද්ධියෙන් යුතුව සිය දේශපාලන තෝරාගැනීම සිදු කළ යුතු බව ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

“අපි මෙහෙම හිතමු. දැන් කවුරුහරි අසනීප වෙලා මොළය ඔපරේෂන් කරන්න රෝහලකට යනවා. හැබැයි වෛද්‍යවරයා හරියට කාර්යබහුලයි. අපි කියමුකො ඔපරේෂන් එකක් වෛද්‍යවරයාත් කපලානෙ කරන්නෙ. ඒ වගේමයි මරණ පරීක්ෂකත් ඉන්නවා. එයා කියනවා මැඩම්, බය වෙන්න එපා කිසිදේකට, මැරිච්ච ගමන් කියන්න, අපි ලෙඩේ කියන්නම් කියලා. මරණ පරීක්ෂකත් දේහය කපලා තමයි ඒක කියන්නෙ. තව ටිකක් ඉස්සරහට එනකොට මල්ශාලාවේ එක්කෙනෙක් ඉන්නවා එයා කියන්නෙ මැඩම්, මැරිච්ච ගමන් අපෙ ළඟට ගේන්න, අපි එම්බාම් කරලා දෙන්නම් හිටියා වගේ කියලා. හැබැයි මේ තුන්දෙනාම කපන එක තමයි කරන්නෙ. ශල්‍ය වෛද්‍යවරයා ශරීරය කපලා හොඳ කරනවා. මරණ පරීක්ෂක දේහය කපලා මැරුණෙ කොහොමද කියනවා. එම්බාම් කරන කෙනාත් බොඩි එක කපලා දවස් තුනකට හොඳට තියනවා. දැන් ඉදිරියේදී ඕගොල්ලොන්ට යුතුකමක් තියෙනවා මේ තුන්දෙනාව හරියට හඳුනාගන්න. ඔය තුන්දෙනාම, කපන ජාතියේ තුන්දෙනෙක් එයි. ශල්‍ය වෛද්‍යවරයාව තෝරා නොගත්තොත් යන්න වෙන්නෙ ඉතුරු දෙන්නා ළඟට. මම මේ කියන්නෙ දේශපාලන කටයුතු කරනකොට හරි සිහිබුද්ධියෙන් අපි තෝරාගත්තෙ නැත්නම් ප්‍රශ්නයක්. දැන් අර මම කියපු අය එන්නෙ, ඔක්කොම කපනවා කියාගෙන තමයි එන්නෙ. කොහොමද කපන්නෙ කියලා ඇහුවාම තමයි මං ඔය කියපු විස්තරේ එන්නෙ. ඉතින් ඒක හින්දා ඉදිරියේදී දේශපාලන තීන්දු ගන්නකොට හරි තීන්දුව ගන්න. මම විශ්වාස කරන දෙයක් තමයි පෙරපාසල් අධ්‍යාපනය හරියට හදන්නේ නැතුව රටේ අධ්‍යාපනය හරියට හදන්න බෑ. අපි බලමු, තව වැඩි දවසක් නෑ. වැඩිම වුණොත් තව මාස දෙකයි සුමානයක් ඇතුළත ඔය දේ බලාගන්න පුළුවන්”

ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් කිරුළ පදනම, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ මධ්‍යම පළාත් සභාව එක්ව මහනුවර දිස්ත්‍රික්කයේ පෙරපාසල් ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කළ “පූර්ව ළමාවිය අධ්‍යාපනය සහ ඉගැන්වීමේ කුසලතා සංවර්ධනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ” සහතික ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මෙම උත්සවය ජුලි 20 වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී පෙරපාසල් ගුරුභවතුන් 758 දෙනෙකුට සහතික පත් පිරිනමන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිලින ගමගේ ළඟින්ම සබඳතා පැවැත්වූ නීතීඥයින් පිරිසක් ගැනත් විමර්ශන. හිටපු ඇමති පුතෙකුත් ඒ අතර ?

විෂමාචාර චෝදනා එල්ල වී සිටින තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා සමග...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (අගෝස්තු 03) දිනයේදී දිවයිනේ බොහෝ...

මහලොකු විශ්වවිද්‍යාල ආචාර්යවරු ළඟ තියෙනවද හදපු පැකේජ් එකක් ? – ඇමති ලාල් වි.වි. ආචාර්යවරුන්ට සැරටම අමතයි !

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ගමේ මරණාධාර සමිතියේ පවා බලය අල්ලන්න පැලවත්තෙන් ආඥාවක් නිකුත් කරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රජය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්...