King බවට Jaffna පත් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 22, (LNW) කොළඹ :

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ සූරතාවයට හිමිකම් කියන්නට යළිත් වතාවක් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකි වුණා.අවසාන තරගයක තිබිය යුතු තරගකාරීත්වය වෙනුවට ගෝල් මාවර්ලස් කණ්ඩායම රැස් කළ ලකුණු 184 ඉතාම පහසු ඉලක්කයක් බවට පත් කර ගත් ජැෆ්නා කණ්ඩායම පන්දු ඕවර් 15.4 දී එම ලකුණු ප්‍රමාණය අභිබවා යමින් සිය ලකුණු පූවරුව එක් කඩුල්ලකට ලකුණු 185 ක් බවට පත් කර ගන්නට සමත් වුණා.


ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දීමට ගෝල් කණ්ඩායමට ඇරයුම් කළා.ඔවුන් කඩුලු 6 ලකුණු 184 ක ලකුණු පූවරුවක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව දැඬි තරගකාරී තත්ත්වයක් ඇති වෙනු ඇතැයි අපේක්ෂා කළා.එම ලකුණු පූවරුවට ප්‍රහාරාත්මක ඉණිමකින් දායක වුණ භානුක රාජපක්ෂ පන්දු 34 දී ලකුණු 82 ක් එකතු කරන්නට සමත් වුණා.ටිම් ෂෙෆර්ට් ගේ දායකත්වය ලකුණු 47 ක්.අසිත ප්‍රනාන්දු ලකුණු 35 ට කඩුලු 3 ක් දවා ගනිමින් ගෝල් කණ්ඩායමේ ලකුණු යන්තරයට බාධා කළ ප්‍රධානියා බවට පත් වුණා.


පිළිතුරු ඉණිම ආරම්භ කළ පළමු පන්දුවෙන්ම ලකුණු අතර සිටින පැතුම් නිශ්ශංකට දැවී යන්නට සිඳු වුණා.තරගය ඉතාම උණුසුම් තරගකාරී ගාල්ලට වාසිදායක එකක් බවට හැඟීමක් ඇති කළත්,එය වේගයෙන් ඉවත් කරමින් රයිලි රොසෙව් සහ කුසල් මෙණ්ඩිස් අනුකම්පා විරහිත ප්‍රහාරයක නිරත වුණා.ලකුණු 0 දී එක කඩුල්ලක් ලෙස දැකපු ලකුණු පූවරුවෙ යළිත් කඩුලු පැත්ත වෙනස් වෙන්න නොඳුන් රොසෙව් සහ කුසල් ලුකුනු 185 ක් දක්වා ලකුණු පූවරුව ඔසවා තබන්නට වැට කළේ පන්දු ඕවර් 5 ක් පමණක් වීම කැපී පෙණුනා.


රොසෙව් අවසාන තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා හැටියටද ගෞරවයට පාත්‍ර වෙමින් පන්දු 53 දි ලකුණු 106 ක් නොදැවී රැස් කළා.එයට හතරේ පහර 9 ක් සහ හයේ පහර 7 ක් ඇතුළත් වුණා.අවසාන තරගය ආසන්නය තෙක්ම වැඩි කළබලයක් ඇති නොකළ කුසල්ගේ පිත්ත අවසාන තරගයට පෙර රැස් කළ ශතකයෙන් නොනැවතී ඊයේ ද ක්‍රියාත්මක වුණා.තරගය නිමාවන විට කුසල් පන්දු 40 දී නොදැවී ලකුණු 72 ක් ලබාගෙන සිටියා.එයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...