පොහොට්ටුවේ කෑලි කඩලා හදන්න යන අශුද්ධ සන්ධානයට අපි නෑ – ඉන්දිකගෙන් ප්‍රහාරයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑලි කඩා බිහිකිරීමට යන සන්ධානයකට එකතු වීමට තමන්ට කිසිසේත්ම නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.

“අද ගම්පහ එකට නැගිටින්න හදද්දී අපි බලනවා අපට එකට නැගිටින්න තියෙන්නෙ කා එක්කද කියලා. අද අපට එකට නැගිටින්න තියෙන්නේ අපේ විරුද්ධවාදීන් එක්ක. ඉතින් ඒ නිසා අපි දෙවරක් හිතන්නෙ නැතුව අද ගම්පහ එකට නැගිටින එක පැත්තකට තියලා රටම නැගිට්ටවන්න බිංගිරියට ගම්පහින් අද ඇවිල්ලා ඒ ශක්තිය දෙනවා. අපටත් අද ආරාධනා තිබුණා, එක්ව නැගිටිමු කියලා පටන් ගත්තේ රජයේ වැඩපිළිවෙල ගැන කතා කරන්න. එතන කතාවෙන්නෙ රජයේ වැඩපිළිවෙල නෙවෙයි. එතන කතාවෙන්නෙ පොහොට්ටුව චප්ප කරලා, පොහොට්ටුවෙන් කෑලි ගලවලා, ඒ කෑලිවලින් පොහොට්ටුවේ පොඩි ප්‍රමාණයක් අරගෙන අශුද්ධ සන්ධානයක් හදන්න කියන එක දැන් ප්‍රසිද්ධ වෙලා හමාරයි. අපිට ඒකට යන්න බෑ. ඔය කට්ටිය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පින්තූරයේ බලයෙන් පාර්ලිමේන්තු ගිය අය මිසක් ඒගොල්ලොන්ගෙ අප්පොච්චිලාගෙ බලයෙන් පාර්ලිමේන්තු ගිය අය නෙවෙයි. කෙළෙහිගුණ තියෙන්න ඕනෙ මනුස්සයෝ වෙච්චාම. මිනීපෙට්ටි පෝලිමේ ආවෙ එදා යුද්ධය නිසා. ඒක නැති කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එදා ආපු මිනීපෙට්ටි පෝලිම අද සමහරුන්ට අමතක වෙලා, මේ මාසෙට දෙකට තිබිච්ච ගෑස් පෝලිම ඉවර කරපු මිනිහා ලොකු වෙලා. අපි තරුණයෙක්ව ජනාධිපති කරන්න පුල පුලා බලා ඉන්නවා. එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුරුවත් නෙවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන නායකයායි”

ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) බිංගිරියේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිංගිරිය ආසන සම්මේලනය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...