ඇමති තොණ්ඩමන්ව අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වතු යටිතල පහසුකම් හා ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණී අඹගහවත්ත මහතා විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබේ.

ඒ, පසුගිය මැයි 30 වනදා අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදී ය.

අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන්ට නුවරඑළිය පොලීසිය මගින් ලිඛිතව දැනුම් දී තිබුණු නමුත් ඔවුන් කිසිවකු අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝවිලක තෙරපිමකින් 9 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ඉන්දියාවේ...

“වන සුරැකුම්” නමින් ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : "වන සුරැකුම්" නමින්...

ජෙමීමාට පැමිණි ප්‍රීතිමත්ම උදෑසන

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: ජෙමීමාට පමණක් නොව ඇයගේ සහෝදරයන්ටද...