ඇමති තොණ්ඩමන්ව අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වතු යටිතල පහසුකම් හා ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණී අඹගහවත්ත මහතා විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබේ.

ඒ, පසුගිය මැයි 30 වනදා අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදී ය.

අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන්ට නුවරඑළිය පොලීසිය මගින් ලිඛිතව දැනුම් දී තිබුණු නමුත් ඔවුන් කිසිවකු අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...