*
Friday, November 29, 2024
spot_img

Latest Posts

දිස්ත්‍රික් 24ට විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල 24ක් – සුහුරු පන්ති කාමර පරිත්‍යාගයේ 351 වැනි අදියර පසුකරමින් සජිත් කියයි

සටහන – රුවන් නෙළුගොල්ල

දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනැගීම සඳහා බුද්ධිමතුන්ගෙන් සපිරි ජන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල 24ක් දිස්ත්‍රික්ක 24 තුළ නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දැනටමත් විවෘත විශ්වවිද්‍යාල ලංකාවේ ඇති බවත් එහි ශිෂ්‍යයකු ලෙස තමා අදහස් කරන්නේ විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය වැඩි කිරීමට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ තුළින් උසස් අධ්‍යාපනයට බොහෝ අයට ප්‍රවේශය ලැබෙනවා මෙන්ම ඉහළ නිපුණතාව සහිත රැකියාවකට යා හැකි පරපුරක් නිර්මාණය වන බවත් ඊට අමතරව ජීවිත කාලය පුරාම ඉගෙනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ හැකි බවත් මේ ප්‍රජා විවෘත විශ්වවිද්‍යාල සංකල්පය නාගරික හා ග්‍රාමීය සංවර්ධනයට ඉවහල් වන බවත් මේ තුළින් නම්‍යශීලී උපාධි වැඩසටහන්, නම්‍යශීලී ඉගෙනුම් විකල්ප හා ප්‍රජා සහභාගීත්ව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරි සමගි ජන බලවේග රජයක් තුළ විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල සංකල්පය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය තුළින් ආරම්භ කර දැවැන්ත අධ්‍යාපනික සංවර්ධන වැඩසටහනට යොමුවන බවත් මේ සඳහා අපේ රටේ දූදරුවන්ගේ හා තාරුණයයේ ප්‍රවේශය වැඩිවන විට නිපුණතාවෙන් ඉහළ රැකී රක්ෂා කළ හැකි ශ්‍රම බලකායක් නිර්මාණය වන අතර වයස් භේදයකින් තොරව වැඩිහිටි ප්‍රජාවට අධ්‍යාපනයට යොමුව උපාධි ලබා ගත හැකි මාර්ගයක් සකස් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 351 වැනි අදියර යටතේ මහනුවර, උඩුනුවර, දවුලගල වැලිගල්ල උඩුඅළුදෙණිය මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී ඒ මහතා පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කර ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 351ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3896ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan