අනුර ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජපානයෙහි සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (22) පස්වරුවේ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Tsuge Yoshifumi මහතා හමුවී තිබේ.

ඒ, අදාළ රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේදී ය.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර ඇති අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බවයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ.

මෙම සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ Tsutsumi Taro මහතා සහ එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ IWASE Kiichiro මහතා ඇතුළු නිලධාරි පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජපාන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක්ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...