සජින් වාස් නිදොස්කොට නිදහස් කිරීම බලරහිත කරයි. නඩුව යළි විභාගයට ගැනීමට නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) වශයෙන් කටයුතු කරමින් සිටියදී රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට ගොනුකර තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් දුන් තීන්දුවක් බල රහිත කිරීමටත් එම නඩුව යළි විභාගයට ගන්නා ලෙසත් අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඒ, අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ය.

සෂී මහේන්ද්‍ර, අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

2007 ජූනි 27 – 2008 මැයි මස 29 අතර කාල සීමාව තුළ මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් රජයේ ටෙන්ඩර් පටිපාටියට පටහැනිව පෞද්ගලික සමාගමකින් උපකරණ මිලදී ගැනීමේ කටයුතු තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

එම නඩුව මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කළ අතර එය පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අදාළ චෝදනාවලින් සජින් වාස් ගුණවර්ධන මහතා නිදොස් කොට නිදහස් කිරීමට 2023 මාර්තු 29 වනදා නියෝග කර තිබුණි.

මහාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බව සඳහන් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා අනුශා සම්බන්ධප්පෙරුම මහත්මිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ තීන්දුව අහෝසි කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුව යළි විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණයට නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...