ඩකාහි ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහල යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඊයේ(21)දිනයේදී ඩකා අගනුවර පිහිටි විද්‍යාලයකට සහ පාසල් පරිශ්‍රයකට කඩා වැටීමෙන් එහි නියමුවා ඇතුළු 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 171 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ හමුදාව ප්‍රකශ කර තිබුණේ, සඳුදා(21) දහවල් 1 ට පමණ ඩකා හි උත්තරා අසල්වැසි ප්‍රදේශයේ මයිල්ස්ටන් පාසල් සහ විද්‍යාල පරිශ්‍රයට F-7 BGI ගුවන් යානය කඩා වැටී ඇති අතර, සිසුන් පරීක්ෂණ සඳහා හෝ සාමාන්‍ය පන්තිවලට සහභාගී වෙමින් සිටියදී එය සිදු වී ඇති බවයි.

තුවාල ලැබූ බොහෝ දෙනා අවුරුදු 8ත් 14ත් අතර සිසුන් වන අතර ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින අතර මුහම්මද් යූනුස්ගේ අන්තර්වාර රජය අද(22)දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...