සටහන: සශිකලා මධුෂාණි
ජුලි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් විසින් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ තුන්වන පුත්‍රයා වන එඩ්වාඩෝ බොල්සොනාරෝගේ ගිණුම් සහ වත්කම් අත්හිටුවීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
ඇමරිකාව සමඟ ක්‍රියාකාරීව කටයුතු කර ඇති බ්‍රසීලියානු කොන්ග්‍රස් සභිකයෙකු වන එඩ්වාඩෝ අධිකරණය විසින් ගනු ලැබූ මෙම තීරණය තවත් අත්තනෝමතික ක්‍රියාවක් බවට සඳහන් කර ඇත.
මේ සමබන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍යවල මෙය බලය අයුතු ලෙස භාවිතා කිරීමේ තවත් නිරූපණයක් බවත්, මෙය මාව නවත්වනු ඇතැයි සිතන්නේ නම්, මම බිය ගැන්වෙන්නේ නැති බවත්, නිහඬව නොසිටන බවටත් සඳහන් කර ඇත. කෙසේ නමුත් මේ වන විට ඔහුගේ සමාජ මාධ්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ද ඉඩ ති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
දක්ෂිණාංශික ප්‍රතිපත්ති අනුගමනය කළ බොල්සොනාරෝ නිවර්තන කලාපයේ ට්‍රම්ප් ලෙස හඳුන්වන අතර 2022 මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කිරීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහු ඒ බව පිලිගෙනද ඇත.
එම අපරාධ නඩුව අධීක්ෂණය කරන මොරායස් ඊයේ(21)දිනයේදී වෙනම තීන්දුවක් නිකුත් කරමින්නියෝග කර තිබුණේ, ජෙයාර් බොල්සොනාරෝ හට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කළ අධිකරණ තීන්දුවක් මග හැරීමට ගන්නා ඕනෑම උත්සාහයක් අත්අඩංගුවට ගැනීමට හේතු විය හැකි බවයි. ඊට ප්‍රතිචරවශයෙන් බොල්සොනාරෝ තම සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට මොරායස් ගත් තීරණය බියගුලුකමක් ලෙස විස්තර කළ අතර, ඔහුගේ හඬ ඇසෙන බව සහතික කිරීම සඳහා මාධ්‍ය සමඟ දිගටම සම්බන්ධ වීමට අදහස් කරන බව ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් බ්‍රසීල අධිකරණ නිලධාරීන්, විශේෂයෙන් විනිසුරු මොරායස්, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දේශපාලන දඩයමක් පවත්වන බව ප්‍රකාශ කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, එක්සත් ජනපදය මොරායස් සහ උසාවියේ සිටින ඔහුගේ සගයන් මෙන්ම ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් සඳහා සංචාරක වීසා තහනමක් ද පනවා ඇත.
මිට අමතරව මේ මස මුලදී, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අගෝස්තු 1 වන දින සිට බ්‍රසීල භාණ්ඩ සඳහා සියයට 50 ක තීරුබදු පනවන බවට තර්ජනය කළ අතර, බොල්සොනාරෝට එරෙහි චෝදනා ඉවත් කරන ලෙස වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා, වෙත නියෝග කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඔහු සඳහන් කර තිබුණේ, ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති මිස ලෝක අධිරාජයා නොවන බව මතකතබා ගත යුතු බවත්, බ්‍රසීල අධිකරණ ක්‍රියාවලිය ස්වාධින බවත් එයට මැදිහත්වීමට කිසිවෙකුට නොහැකිවන බවත්ය.