හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද ඉවතට – පනත අහෝසි කිරීමට කැබ්නට් අනුමැතිය!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

එම විශේෂ වරප්‍රසාද ඉවත් කරන බවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබුණි.

ඒ අනුව එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහාත් ඉන් පසුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...

CAASL හි නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් දමින්ද පත්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සිවිල් ගුවන් සේවා...

පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීමේ වැඩි ප්‍රවණතාවයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...