පොලීසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුම් – මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ වූවන් රැසක් අත්අඩංගුවට!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (21) දිනය පුරා ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බලකායත්, ත්‍රිවිධ හමුදාවත් එක්ව සිදු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊට පොලිස් නිළධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුලුව පුද්ගලයන් 7300කට අධික පිරිසක් සහභාගී වී ඇති බවයි.

එහිදී පුද්ගලයන් 24690 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 9717 ක් හා යතුරු පැදි 7637ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇත.

මෙම මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1427 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 461 මිලිග්‍රෑම් 866ක ප්‍රමාණයක්ද හෙරොයින් ග්‍රෑම් 401 මිලිග්‍රෑම් 416ක ප්‍රමාණයක් ද ඇතුළත්ව මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම පසුගිය 20 වැනි දින සිදු කළ මෙහෙයුම් මගින් ගිනි අවි 02ක ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම විශේෂ වැටලීම්වලදී අපරාදවලට සෘජු ලෙස සම්බන්ද බවට හඳුනාගත් පුද්ගලයන් 30 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 367 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...