හිටපු ඇමති මනූෂගේ පෞද්ගලික ලේකම්ට ඇප

අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ශාන් යහම්පත් මහතාව අද (22) දහවල් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඔහුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියම කළේය.

ශාන් යහම්පත් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න මහතා සමග ජ්‍යේෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක, ජ්‍යේෂ්ඨ නීතීඥ සංජීව ඇන්තනි සහ ප්‍රදීප් ගමගේ යන මහත්වරුන් පෙනී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...