ඇප ලැබුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ට මහේස්ත්‍රාත්වරයාගෙන් අවවාදයක්..

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ LNW :

අද (22)දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කේ.සී.කේ කුමාර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළ බව වාර්තා විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට ඇති රුපියල් එකොලොස් ලක්ෂයක හිඟ බදු මුදලක් ඉවත්කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටි අතර, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැර ඇත.

තවද, සැකකරුට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශනය බාධා නොකරන ලෙස අවවාද කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...