රාජපක්ෂ ගෝත්‍ර කලාකාරයෙකුගේ ඉරණම ….

Date:

සංගීත ප්‍රසංගයක් සඳහා ඉරාජ් වීරරත්න නැමති ගායකයා සහභාගී වනු ඇසූ සෙසු ගායකයින් පිරිසක් ප්‍රසංගය ප්‍රතිකේෂ්ප කල පුවතක් මුහුණු පොත පුරා ශෙයා වනු දුටුවෙමි.

අපේ රටේ කොයි කලා කාරයත් ජීවිතයේ එක් වතාවක් හෝ මොනයම් හෝ දේශපාලන කඳවුරකට විකිණී ඇති බව ඇත්තය. නමුත් ඉරාජ්ගේ තත්වය ඊට එහා ගිය එකකි.

ඉරාජ් ඔහුගේ සමස්ථ නිර්මාණශීලී ආත්මයම රාජපක්ෂ ගෝත්‍රවාදයට නින්දිත ලෙස පවා දුන්නේය..

පසු ගිය අරගල සමයේ ඇතම් පොහොට්ටු දේශපාලකයන් මෙන්ම ඉරාජ්ද අරගලකරුවන්ගේ ඉලක්කයක් වූයේද ඒ හේතුවෙන් ය..

මේ සිදුවීම හරහා එක් කරුනක් හොඳටම පැහැදිලිය. එනම් මේ මොහොත දක්වාම රාජපක්ෂ ජාතිවාදය පොලොවෙන් ප්‍රතික්ශේපව පවතින බවය..

නමුත් හෙට දවසේ තත්වය අපට කිව නොහැකිය. මන්ද රාජපක්ෂවරු රැගෙන ආපු සාගතයට එරෙහිව ජාති, ආගම්වාද ඉවතලා මිනිසුන් සමගි වුව ද පසුව කුස පිරුනු විට පරන ගෝත්‍රවාද නැවතත් මිනිසුන්ගේ හිස් මුදුනට ආරූඩ වන බැවින්..

සැඩ ගංවතුරෙන් බේරීම සඳහා නයි මුගටි දෙපාර්ශවයම එක කොටයක එල්ලී සිටී. නමුත් ගංවතුර බැස ගිය පසු නැවත කාකොටා ගනී ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...