ශ්‍රී ලංකාවේ ජර්ට් ඉන්බෙග්රිට්සෙන්ගේ මුණුපුරා ඕස්ට්‍රේලියාව කළඹයි

Date:

ඕස්ට්‍රේලියාවේ විවෘත සටන්කරුවන්ගේ භූමිය MMA නමින් හැදින්වෙනවා.ඊට ආකර්ශණය වූ විශාල පිරිසක් මේ විවිධ සටන් කලාවන් ඇසුරේ වැඩුණු සටන්කාමීන්ගේ විවිධ සටන් එකට ගැටෙන මොහොතවල් නිරීක්ෂණය කරමින් අපූරු වින්දනයක් ලබනවා.දැන් මේ සටන් භූමි තුළ ආකර්ශණයට කතාබහට ලක්වෙන තරගකරුවෙක් බවට ලාංකේය සම්භවයක් ඇති ඔෂේන පෙර්රා පත් වෙලා ඉන්නවා.තවමත් 18 හැවිරිදි ඔෂේන් වෘත්තීය සටන්කරුවෙක්ගේ භූමිකාවේ බොහෝ දුර යා හැකි නිර්භීත බවක් සහ විශ්වාසයකින් කටයුතු කරමින් ඉන්නවා.

වත්මන් යගුලියි විසිකිරීමේ ජාතික වාර්තාලාභියා වන චරිත් කපුකොටුව සමඟ ඔෂේන්ගේ පරපුරේ මුල් පුරුක රංජිත් පෙරේරා


ජූලි 21 වන දා මේ ආකාරයටම එවැනි තරගාවලියකදී ඔෂේන් තරඟ වැදුණේ Castro Saleh සමඟයි.මෙම දෙදෙනා මීට පෙර ද TikTok Superfight යටතේ තරග බිමට පිවිසි අතර එවර ජයග්‍රාහකයා වූයේ ඔෂේන් බැවින් 21 වන දා තරගය වඩාත් අවධානය යොමු වූ තරගයක් වුණා.මෙවර එහි අනුග්‍රාහකයන් හැටියට ඇවිත් තිබුණ Path to Hex පවා මේ තරගය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කර තිබුණා.
තියුණු තරගයක් වෙන බවට බොහෝ දෙනෙක් විශ්වාස කළත් තරගය පළමු වටයෙන්ම නිමා කර ජයග්‍රහණය ලබන්නට ඔෂේන් පෙරේරාට හැකි වුණා.ක්‍රිඩාව සම්බන්ධ නිපුනතාවය වගේම ඔෂේන්ට දීර්ඝ ඉතිහාසයක් ඇති ජානිමය බැඳීමක් තියෙනවා.ඔෂේන්ගේ පියා ශ්‍රී ලංකාවේ පාපැදි කේෂ්ත්‍රයේ හිටය දක්ෂ තරුණ පාපැදිකරවෙක් වන මහී රංග යි.බාප්පා කාලයක් ශ්‍රී ලංකාවේ යගුලිය විසී කිරීමේ ඉසව්වේ ආධිපත්‍යය දරාගෙන සිටි ඔෂාන් පෙරේරා.
නමුත් මෙ ජානමය ජාලයේ ඉහළින්ම ඉන්නේ ක්‍රිඩාවට උමතුවෙන් මෙන් ආදරය කළ ස්වෝතසාහයෙන් ඒවා ප්‍රගුණ කළ සහ පුහුණු දැනුම අත්හදා බලපු ඔෂේගේ සීයා.ඒ කියන්නෙ ඔෂේන්ගේ කාත්තාගේ තාත්තා.

ඔෂේන් කුඩා කාලයේ


රංජිත් පෙරේරා වන ඔහු මහීරංගගේ පාපැදි පුහුණුකරුවා වගේම,ඔෂාන් ගේ වීසි කිරීමේ ඉසව්වලත් පුහුණුකරුවා වුණා.උපයපු දෙයින් සෑහෙන ධනයක් ක්‍රිඩාවට වෙන් කරවා ගත් රංජිත් පෙරේරා මහී සහ ඔෂාන් ළඟ පමණක් නොනැවතී හලාවත,බිංගිරිය ප්‍රදේශයේ බොහෝ අයගේ ස්වෙච්ඡා පුහුණුකරුවා වුණා.ඒ අතර ජාතික වාර්තාලාභීන්,ජාතික කණිෂ්ඨ වාර්තාලාභින් ගණනාවක් දැකිය හැකි අතර වත්මන් මිටිය විසීකිරිමේ සහ යගුලිය විසීකිරීමේ ජාතික වාර්තාව දරන චරිත් කපුකොටුව ද ක්‍රිඩාව සම්බන්ධයෙන් පුහුණුව ලැබීම ආරම්භ කළේ රංජිත් පෙරේරාගෙන් වීම විෂේශත්වයකි .

වමේ සිට – ඔෂෙන්ගේ පියා මහීරංග,ඔෂේන් සහ ඹ්‍රී ලංකා සම්භවයක් ඇති ජොන් ලීච් (Bjorn Leighch)


රංජිත් පෙරේරා කියන්නෙ වත්මන් මිටර් 1500 ඉසව්වේ ලොව ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වන නෝර්වේ හී ජාකොබ් ඉන්බෙග්රිට්සන්ගේ පියා වන ජර්ට් ඉල්බෙල්රිටිසෙන් වැනි පුද්ගලයෙක්.ජර්ට් ලෝක සූරයා තනන්නේ තනිව උපයා ගත් පුහුණු දැනුම මත වගේම රංජිත් පෙරේරාත් එවකට සිය පුතනුවරුන් සහ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තැනුවේ තමන් තනිව උපවාගත් දැනුම පරිශිලනය කරමින් වීමත් විශේෂ කටයුත්තක්.ඒ නිසා ඔෂේන්ගේ ජයග්‍රහණය ලංකාවේ ජර්ට් ඉන්බෙග්රිට්සෙන්ගේ මුණුපුරාගේ ජයක් හැටියට හඳුන්වන්නට පුළුවන්.

බාප්පා ඔෂාන් පෙරේරා


එසේම MMA සටන් කවය තුළ සටන් වදින්නෙකු වන 26 හැවිරිදි ජෝන් ලීච් (BJORN LEITCH) ද ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත පුද්ගලයෙක්.ඔහු මේ සටන් කළාව තුළ ජ්‍යෙෂ්ඨයෙක් වන අතර ඔහු දැනට මෙවැනි සටන් 52 ක් ජයගත් ක්‍රීඩකයෙකු වනවා.

සයහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...